අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතියක්

    සැප්තැම්බර් 18, 2016

    'ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය' 2016 ඔක්තෝබර් මස 07 දින සිට 14 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    මෙවර ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතියට සමගාමීව වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හා ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත්, සේවකයින් වෙනුවෙන් සුරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ව්‍යාපාරික ආයතන තෝරා ඇගයීමට ලක් කිරීමේ අරමුණින් 'ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල' පැවැත්වීමටත් නියමිතය.


    ඒ අනුව, මෙවර 'ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය' ජාතික වැඩසටහනක් සේ සලකා අදාළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද ලැබී ඇත.

    රැකියා ආශ්‍රිත සියලුම ආකාරයේ අනතුරු අවම කිරීම තුළින් සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් බිහි කිරීම මඟින් ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (National Institute of Occupational Safety & Health -NIOSH) විසින් වාර්ෂිකව මෙම සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya