ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ දින (17) බදුල්ලේ පැවති ජාතික විදුලි ජංගම සේවයට එක් වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ අමාත්‍යවරයා,
අපි කෘෂි කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කරන අතර ලබන මාසේ (01) වෙනිදා සිට කෘෂි කර්මාන්තය සඳහා මෙම නව ගාස්තු ක‍්‍රමය හදුන්වා දෙනවා. රාත‍්‍රි 10 සිට පෙරවරු 6 දක්වා කාලයේදී විදුලිබල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන වියදම අඩුයි. ඒ වාසිය අපි ගොවියාට ලබා දෙනවා. මෙහි පළමු වැඩසටහන අපි ආරම්භ කරන්නේ යාපනය දිස්ත‍්‍රිකයෙන්.
මෙම ජංගම සේවයට සමගාමීව බදුල්ල දිස්ත‍්‍රිකයට විදුලිය 100%ක් ලබාදීම සිදුකල අතර "සූර්යබල සංග‍්‍රාමය" යටතේ මුතියංගන රජමහා විහාරයට සූර්ය කෝෂ පද්ධතියක් පූජා කිරීම ද සිදුකෙරුනි.
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල, අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මැති ඇමතිවරු සහභාගි වූහ.