අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''පුරනැගුම'' සියයට අනූවක් අවසන්

    සැප්තැම්බර් 16, 2016

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ''පුර නැගුම'' ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සියයට 90%ක් මේ වනවිට අවසන් වී ඇති බව පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    පසුගාමී පළාත් පාලන ආයතන සංවර්ධනය කිරීම සහ පළාත් පාලන ආයතන ක්‍රියාකරකම් ප්‍රතිනිර්මාණය කිරීම, පුර නැගුම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව ව්‍යාපෘතිය සඳහා ආධාර ලබාදෙයි. දකුණ, බස්නාහිර, වයඹ, මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව පළාත්වල පුරනැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.ඒ යටතේ පළාත් පාලන ආයතන 108ක් තුළ පිහිටි නගර108ක් සංවර්ධනය වෙයි.ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් 8,596.00කි.

     

    පුරනැගුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කාර්යාලීය ගොඩනැගිලි, බස් නැවතුම්පොළ, වෙළෙඳපොළ, පුස්තකාල, රථගාල, අභ්‍යන්තර මාර්ග, සෞඛ්‍ය මධ්‍යස්ථාන, ප්‍රජාශාලා, ළමා උද්‍යාන, ජලසම්පාදන ව්‍යාපෘති, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, පාලම්, මාතෘ සාහයන, පරිගණක හා මානව සම්පත් මධ්‍යස්ථාන, පෙර පාසල් සහ ආදාහනාගාර  සංවර්ධනය ආදී ව්‍යාපෘති සංවර්ධනය  කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya