අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන මිතුදම වර්ධනය කරනවා - අමාත්‍ය චන්දිම වීරක්කොඩි

    සැප්තැම්බර් 16, 2016

    චීනය සමඟ මිත‍්‍ර සබඳතාවයන් වර්ධනය කරගෙන යන බවද රටේ සංවර්ධනයට වර්තමානයේ දී චීනය සෑම විටම සහාය ලබාදෙන බව ද ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

    චීනයේ සහාය ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ඉතා වැදගත් බවත්, නිරන්තරව චීනය සමඟ මිත‍්‍ර සබඳතාවයන් වර්ධනය කරගෙන යන බවද, අමාත්‍යවරයා සඳහන් කළේ ය.


    ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, ශ‍්‍රී  ලංකාවේ චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මඟින් සංවිධානය කර තිබූ  කොලඹ බෙයිජිං මිත‍්‍රත්ව සමුළුවේ” සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරය මේ බව පැවසී ය.

    සමුළුව ලක්‍ෂමන් කදිරගාමර් ක‍්‍රමෝපාය අධ්‍යයන මධ්‍යස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි.


    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, ”චීනය සමඟ අපේ රටේ මිත‍්‍රත්වය ආරම්භ කරන්නේ, දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පාලනසමයේදීයි. ඉන්පසුව  දිවංගත අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේදී චීනය ඉතා ශක්තිමත්ව ශ‍්‍රී ලංකාව සමඟ මිත‍්‍රත්වය ගෙන ගියා. එම කාලයේදී ශ‍්‍රී ලංකාවට චීනයෙන් විශාල පරිත්‍යාග ලැබුණා.

    පසුගිය කාලයේදී මෙරට සංවර්ධන ව්‍යාපෘති රැසක් ගොඩනගන්නට  චීනය ආධාර ලබාදුන්නා.මත්තල ගුවන්තොටුපොල,වරාය,විදුලි බලාගාර, අධිවේගී මාර්ග, නෙළුම් පොකුණ රඟහල,ඒ අතර ප්‍රධානයි.  

    ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනය කළ උදව් අපට කිසිදාක අමතක  වෙන්නේ නෑ. චීනය වර්තමානයේදී විශාල දියුණුවක් ලබාගෙන තියෙනවා. අපේ රටත් බලාපොරොත්තු වෙනවා චීනයේ ආධාර ලබාගෙන ආර්ථික වර්ධන වේගය සියයට වැඩි කරගන්න.

    චීනය සමඟ මිත‍්‍රත්වය තවත්  වැදගත් වන්නේ පාසල් දරුවන්ට. අනාගත ලෝකයේ බලවතා බවට පත්වන චීනයේ සහය අපේ අනාගත පරපුරට අවශ්‍ය  වෙනවා.පාසල් දරුවන්, විශ්ව විද්‍යාල සිසුන්ට චීනයේ අධ්‍යාපනය  ලබාගැනීමට හැමවිටම උපකාර   ලැබෙනවා. ශ‍්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයෙන් මා බලාපොරොත්තු වෙනවා ඒ  සහයෝගයට උපකාර කරන්න කියා. ශ‍්‍රී ලංකාව හා  චීනය අතර මිත‍්‍රත්වය වර්ධනය කිරීම සඳහා මෙම සංගමය විශාල කාර්යයන් සිදුකරනවා.
    මෙවැනි සමුළු පැවැත්වීමෙන් දෙරට අතර  අනෝන්‍ය අවබෝධය තව තවත් වර්ධනය වන බව ද අමාත්‍යවරයා පැවසී ය.


     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya