අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

    සැප්තැම්බර් 17, 2016
    යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පෙ.ව. 9.00 ට ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීමෙන්,  ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් රුපියල් ලක්ෂ 850 ක වියදමකින් මෙම සංකීර්ණය ඉදි කර ඇත.
     
    යාපනය දිස්ත්‍රික්කය සඳහා විශාල අඩුපාඩුවක්ව පැවතුණු මෙම ගොඩනැගිල්ල, වඩාත් පහසුකම් සහිතව රජයේ සියලු කාර්යාල ඒකාබද්ධව මහජන සේවයට සරිලන පරිපාලන සංකීර්ණයක් බවට පත් කිරීම වත්මන් රජයේ අභිලාශයයි. ඒ තුළින් වඩා කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම මෙම නව යාපනය දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණය ඉදිකිරීමේ අරමුණයි. 
     
    මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු මැතිඇමතිවරුන් සහභාගී වීමට නියමිතව ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya