අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා චීනය අතර වෙළඳාමේ වර්ධනයක්

    සැප්තැම්බර් 16, 2016
    ශ්‍රී ලංකාව හා චීනය අතර ඓතිහාසික සබඳකම් ඉතා ඈත අතීතයට දිවයන්නක් බවත් ඉදිරි කාලයේ දී සමුද්‍රීය සේද මාවතේ සැලැස්ම වඩාත් පුළුල්වීමත් සමග ශ්‍රී ලංකාව අතර බැඳීම තවදුරටත් වර්ධනය වන බවත් චීන මධ්‍යම රජයේ අධ්‍යක්ෂ ලේකම් පෙන්ග් ක්වින්ගුවා  මහතා චීනයේ නැනිංග්හි දී පැවසීය.
    හෙතෙම මේ බව කියා සිටියේ චීනයේ පැවැත්වෙන  සියෙක්ස්පෝ 13 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය හා සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ගිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු දූත පිරිස සැප්තැම්බර් 13 වැනිදා හමුවීමෙන් අනතුරුවය. 
     
    අමාත්‍ය බදියුදීන් මහතා සියෙක්ස්පෝ 13 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ වෙළඳ සහ වාණිජ නියෝජිත මණ්ඩලයේ 23 වන සාමාජිකත්වයට වර්තමානයේ නායකත්වය දෙයි.  සියෙක්ස්පෝ හි ප්‍රධාන කාර්යය වන්නේ ආසියානු රටවල් සමග වෙළෙඳ සබඳතා වර්ධනය කරගැනීමයි. 
     
    ලේකම් ක්වින්ගුවා මහතාගේ කාර්යාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට  ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි. ‘‘රටකට චීනයේ සහ ආසියානු වෙළඳපොලවලට ඇතුලු වීමට මේ ප්‍රදර්ශනය ඉතා වැදගත් කවුළුවක් වනවා. මේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අපූරු අලංකාරයක් එක්කළා. විශේෂ සත්කාරක රටක් ලෙස එහි වාසිය ලබාගෙන අපගේ සමුද්‍රික සේද මාවතේ උපායශීලී වැදගත්කමක් භුක්ති විදින ශ්‍රී ලංකාව සමග අපගේ සබඳකම් වැඩිදියුණු කරගන්න අපි ඉතා කැමැත්තෙන් සිටිනවා.“ යැයි ලේකම් වරයා වැඩිදුරටත් කීවේය. 
     
    මෙම හමුවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ කීවේය. 
    ‘‘ චීනයේ ක්‍රියාත්ක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ඉතා වැගත්. ඒ වගේ ම මේ කටයුත්තේ දී ගුවැංග්ෂි පළාත ඉතා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනවා. ශ්‍රී ලංකාව ඉතා ඈත අතීතයේ පටන් සේද මාවතේ වැදගත් මධ්‍යස්ථානයක් වුණා. මෙවර සිඑක්ස්පෝ 13 ප්‍රදර්ශනයට අපේ රටේ පුද්ගලික අංශය අතරත් මහත් උනන්දුවක් තිබුණා. අපි අපේ රජයේ සහයෝගය මේ ආකාරයෙන් වෙළඳ කටයුතු දියුණු කිරීමට ලබා දෙනවා. ගුවැංග්ෂි පළාත හා රජය සමඟ සම්බන්ධතා වැඩිදියුණු කිරීමට ඔබ කළ ආරාධනය ගැන සතුටු වෙනවා. 
     
    චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2014 දී ඇමෙරිකා ඩොලර් බිලියන 3.5ක් වූ බවත් එය 2015 දී බිලියන හතරක් දක්වා වර්ධනය වූ බවත් අමාත්‍ය බදියුදීන් මහතා  මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya