අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙළුම් වගාවක් සඳහා දැනුම සහ තාක්ෂණික ක්‍රමවේදයන් හදුන්වාදීමේ වැඩසටහනක්

    සැප්තැම්බර් 15, 2016
    ශ්‍රී ලංකාව තුළ දෙළුම් වගාව ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව දෙළුම් වගාවේ නියැලෙන මෙරට ගොවීන් ඉලක්ක කරමින්, රසයෙන්  සහ ගුණාත්මක තත්වයෙන් ඉහළ වැඩි අස්වැන්නක් ලබා ගැනීමට සිදුකළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පෙ.ව.9.00 ට කිළිනොච්චිය කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    ශ්‍රී ලංකාවේ විවිධ පාරිසරික තත්ව හා විවිධ පරිණතවීමේ අදියරයන් යටතේ දෙළුම් වල අණුක හා ජෛව රසායනික වර්ගකරණ හා ජලද්‍රාවී ටැනින් හි ජාන ප්‍රකාශනය විශ්ලේෂණය කරමින් සිදුකරන ලද පර්යේෂණ ව්‍යාපෘතිය සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ. ඒ අනුව දෙළුම් වගාව මඟින් ගුණාත්මක තත්වයෙන් ඉහළ වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඇති හැකියාව පර්යේෂණය මඟින් පැහැදිළි කරගෙන තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය ප්‍රදීපා සී.පී. බණ්ඩාරනායක ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදුකර ඇත. 
     
    ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සහ  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය එක්ව මෙම වැඩ සටහන සංවිධානය කර ඇත. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පර්යේෂණ සභාව මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ දිරිමත් කරමින් එම පර්යේෂණ සඳහා ප්‍රතිපාදන සපයන ප්‍රධාන ආයතනයකි.
     
     AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya