ඒ මහතා මේ බව අනාවරණය කළේ සැප්තැම්බර් මස 10 දිනට යෙදී තිබුණු ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ජාවේදීය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා -
සියදිවි නසාගැනීම ප‍්‍රධාන මහජන සෞඛ්‍ය ගැටළුවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දත්ත වලට අනුව වාර්ෂිකව ලක්ෂ 08 ක පිරිසක් සියදිවි නසා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වෙනවා. 2015 වසරේ දී ශ‍්‍රී ලංකාව තුළ පුද්ගලයින් 3,000 ක් සියදිවි නසාගෙන ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය පුරුෂ පක්ෂයයි. පවුල් ආරවුල්, ආදර සබදතා බිඳ වැටීම්, නිදන්ගත රෝග තත්ත්වයන්, කායික දුබලතා, මානසික රෝග, ආර්ථීක අහේනිය, මධ්‍යසාර භාවිතය වැනි හේතු සියදිවි නසා ගැනීමට බලපා ඇති බව සොයාගෙන තිබෙනවා. සියදිවි නසා ගැනීම් බොහෝවිට සිදුවන්නේ ආවේගශීලි ක‍්‍රියාවක ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙහිදී කෘෂි රසායන භාවිතය ද සියදිවි නසා ගැනීම්වලට බලපා ඇති අතර, කෘෂි රසායන සරළව මිලදි ගැනීමේ ක‍්‍රමවේදය නතර කළ යුතු වෙනවා. මධ්‍යසාර පිළිබද ජාතික ප‍්‍රතිපත්තියක් ආරම්භ කිරීම ද ඉතා වැදගත් වනවා. සියළු සියදිවි නසා ගැනීම් වළක්වා ගත හැකි අතර, අවුරුදු 15-29 ත් අතර වයස් කාණ්ඩයේ ශ‍්‍රම බලකාය සියදිවි නසා ගැනීම්වලට ගොදුරුවී තීබීම කණගාටුවට කරුණක්. වැඩිම සියදිවි නසාගැනීම් වාර්තා වන්නේ ද සංවර්ධනය වෙමින් පවතින රටවලයි.”
සියදිවි නසා ගැනීම් පිළිබද ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී ද මාධ්‍ය ඉතා ප‍්‍රවේසම් විය යුතුයි. හුදු ප‍්‍රවෘත්තියක් ලෙස වාර්තා නොකර අවවාදාත්මක ස්වරූපයෙන් එම පුවත් වාර්තා කිරීම ඉතා වැදගත් වෙයි. මෙය සංවේදී කරුණක් බැවින් පෙළඹවීමක් ඇති නොවන පරිදි වාර්තා කළ යුතුයි. මෙවැනි ප‍්‍රවෘත්ති වලට ප‍්‍රමුඛත්වය ලබානොදෙන ලෙස ද මා ඉල්ලා සිටිනවා. ආකල්ප වෙනස්වීම ද ඉතා වැදගත්. ආකල්ප හේතුවෙන් මානසික ආතතියක සිටින පුද්ගලයින් ද අපේ සමාජයේ දක්නට ලැබෙනවා. එම නිසා මනස සංවර්ධනය විය යුතුයි. ජිවිතය ජය ගැනීමට නම් ජීවන කුසලතා සංවර්ධනයක් ඇති විය යුතුයි. සියදිවි නසා ගැනීම් වලින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් 22 වන ස්ථානයේ පසු වෙනවා. සියදිවි නසාගැනීම අවම කිරිම සදහා එවැනි අවදානමක් ඇති පුද්ගලයින්ට සමාජීය රැකවරණය ලබාදීම දරුවන්ට දෙමාපිය රැකවරණය නොමදව ලබාදීම, දරුවන්ට උපදේශන සේවා ස්ථාපිත කිරීම, මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ට කඩිනම් ප‍්‍රතිකාර ලබාදීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම, කාන්තා ප‍්‍රචණ්ඩත්වය අවම කිරිම වැනි කරුණු ක‍්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වෙනවා” යැයි ද පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ආර්.ඩි.එෆ්.සී කාන්ති මහත්මිය ද එක්ව සිටියහ.
AP