මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් සවිය’ ගාල්ලේදී

    සැප්තැම්බර් 14, 2016
    තොරතුරු තාක්ෂණ හා වෘත්තීය කුසලතා සංවර්ධන කිරීමේ ජාතික වැඩසටහන යටතේ ‘යොවුන් සවිය’ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල නගර ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
    රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩ සටහන තුළින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු දරුවන් සඳහා රු.25,000 ක් වටිනා පරිගණක පාඨමාලාවක් මාස 04  ක කාලයක් සම්පූර්ණයෙන් නොමිලේ හැදෑරීම, රුපියල් ලක්ෂයක් දක්වා අර්ධ ශිෂ්‍යත්ව ලබා දීම වැනි පහසුකම් සම්පාදනය වේ.
     
     මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.
    “ ගෙවුණු අවුරුද්ද ඇතුලත මම ලබපු අත්දැකීම තමයි සියයක් දෙනා මාව හමුවන්න ආවොත් ඉන් අනු පහක්ම එන්නේ රැකියාවල් ඉල්ලගෙන. ඉතිරි පස්දෙනා තමයි ඉඩමක ප්‍රශ්ණයක්, ප්‍රදේශීය මහ ලේකම් තුමාගේ ප්‍රශ්ණයක්, නැත්නම් රැකියාවේ මාරුවීමක් ගැන, උසස්වීමක් ගැන උදව්වක් ඉල්ලගෙන තමයි එන්නේ.  ඒ දරුවෝ අතරත් උපාධිධාරීන් රාශියක් ඉන්නවා. වැඩි දෙනෙක් උසස් පෙළ සමත් වෙලා සුදුසුකම් තිබෙන උදවිය. සාමාන්‍ය පෙළ හයයි දෙකක් නැති අය එන්නේ බොහොම ටික දෙනයි. සමහර සුදුසුකම් දැක්කම මට දුක හිතෙනවා. රස්සාවල් ගන්න බැරුව ඒ අය කරන ඉල්ලීම් වලට. මම ඒත් කල්පනා කරනවා ලෝකයේ වෙන රටවල් වල නම් මේ සුදුසුකම් දැක්කම අඩගහලා රැකියාවල් දෙන මට්ටමේ සුදුසුකම් තිබෙන අය තමයි අපේ රටේ ඉන්නේ කියලා. ඒ නිසා  මේ ප්‍රශ්ණය ගැන අපි ගැඹුරින් හිතන්න කාලය ඇවිත් තිබෙනවා. මේ රැකියා ප්‍රශ්ණයට අපේ රජය දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා.” 
     
    “ඒ වගේම අද ආකල්පමය වශයෙන් ප්‍රශ්ණ තිබෙනවා. මොන තරම් පෞද්ගලික අංශයේ රැකියාවල් තිබුණත් අපේ සමාජයේ තිබෙන්නේ රාජ්‍ය අංශයේ රැකියාවක් ලබා ගත යුතුය කියන මතයයි. ඒ මතය අපේ සමාජයේ සමාජ ගත වෙලා තිබෙනවා. ඒ නිසා අද අපි දකිනවා රාජ්‍ය සේවයට ලොකු ඉල්ලුමක් තිබෙන බව. අපි පුවත් පත් වලින් දකිනවා මංගල දැන්වීම් ඵල කරන විට පවා රාජ්‍ය සේවය විශේෂිතයි කියලා සඳහන් කරනවා. ඒ ආකල්පය තමයි තිබෙන්නේ. ”
     
    “  රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමා කියන්නේ නිර්මාණශීලි, තරුණයින්ගේ අනාගතය ගැන දුර හිතලා කටයුතු කරන නායකයෙක්. ඒ නිසා තමයි එතුමා තරුණ සේවා සභාව, අධ්‍යාපන පරිපාලන සේවය, අධ්‍යාපන විද්‍යා පීඨ ඇති කලේ. එතුමා අධ්‍යාපන පරිපාලන සේවය ඇති කළහම බොහෝ  දෙනෙක් එතුමාව විවේචනය කළා. තරුණ අයට පුළුවන්ද ඇහුවා පාසල් පාලනය කරන්න. විදුහල්පති කම් කරන්න. එතුමා කිව්වේ මම වයස 26 වන විට මේ රටේ අධ්‍යාපන ඇමති වුනා නම් ඇයි බැරි තරුණයින්ට විදුහල්පති කම් කරන්න කියලා. එතුමා දුර කල්පනා කරලා 2020 වෙනකොට ග්‍රාම බලකායට අලුතින් රැකියා දස ලක්ෂයක් ඇති කරන වැඩපිළිවෙල ගැන දැන් කටයුතු කරගෙන යනවා. ”
     
    මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාගයට පෙනි සිටි 1500 කට අධික තරුණ තරුණයින් පිරිසක් එක්ව සිටි අතර රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya