මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය සඳහා වු රාජ්‍ය සම්මාන උළෙල

    සැප්තැම්බර් 13, 2016
    සමාජ වගනීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා සුවිශේෂ නිපුණතා  ඇගයීම මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය සඳහාවු රාජ්‍ය සම්මාන උළෙලේ මුලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
    ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සම්මාන උළෙලවලදී බොහෝදෙනාගේ විවේචනයට බඳුන්වු කරුණු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් හා ජාත්‍යන්තර ප්‍රමිතිය ස්වාධිනත්වය ආරක්ෂා කරගනිමින් පැවැත්වීමට අපේක්ෂිත මෙම සම්මාන උළෙලේදී ලබා දිය යුතු සම්මාන වර්ගීකරණය කිරීම සහ එම සම්මාන ලබා දිය යුතු නිර්ණායක සකසා ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ නිර්දේශ අනුව සම්මාන උළෙලේ ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවෙනු ඇත.
     
    පුවත්පත් ,ගුවන්විදුලි හා රූපවාහිනි ක්ෂේත්‍රයන්ට අදාළව 2015 වසරේදී සිදු කෙරුණු නිර්මාණ මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කෙරෙනු ඇත. මේ සඳහා මෙරට ක්‍රියාත්මක සියලුම මාධ්‍ය ආයතන සදහා අයදුම් කළ හැකිය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya