අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූ කම්පනයෙන් දකුණු කොරියාවේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට හානියක් නැහැ

    සැප්තැම්බර් 13, 2016
    දකුණු කොරියාවේ දකුණු දිග ප‍්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.8 ක භූ චලනය හේතුවෙන් එරට සේවය කරන ශි‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට මෙතෙක් කිසිදු හානියක් සිදුවූ බවට වාර්ථා නොවූ බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ උපුල් දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කරයි.
    දකුණු කොරියාවේ දකුණු දිග ප‍්‍රදේශයේ අග නගරයක් වන ජියොන්ජු ප‍්‍රදේශයට ආසන්නයේ වූ පසු කම්පන වලින් ද බලපෑම් එල්ලවී ඇති බවට වාර්ථා වේ. දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මේ  පිළිබඳව විමසූ බවත් ඒ අනුව ලබාගත් වාර්තා වලට අනුව ශි‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට හානියක් සිදුවූ බවට වාර්ථා නොවූ බවද ඔහු සඳහන් කරයි. 
     
    එහෙයින් තම ඥාතීන් පිළිබඳව බිය නොවන ලෙසද ඔහු ශි‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ගේ පවුල් වලින් ඉල්ලා සිටී.
     
    ජොන්ජු( Gyeongiu) ප‍්‍රදේශයේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 3,000 ක් පමණ සේවය කරති. එසේම මේ වන විට දකුණු කොරියාවේ විවිධ ප‍්‍රදේශ වල ශ‍්‍රී ලාංකිකයන් 26,000ක් පමණ සේවය කරන බවද උපුල් දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කරයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya