අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක නවයක වී මිලදී ගැනීම ඇරඹේ

    සැප්තැම්බර් 13, 2016
    දිවයින පුරා මෙවර යල කන්නයේ බලාපොරොත්තු අස්වැන්න නොලැබීමත්, පෞද්ගලික අංශය විසින් සම්මත මිලට අස්වනු මිලදී ගැනීමත් හේතුවෙන් මෙවර යල් කන්නයේ වී අස්වැන්න ගොවීන් විසින් රජයේ ගබඩා වලට යොමු කිරීම  අවම මට්ටමක පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි.
    මේ වන විට දිවයින පුරා අස්වැන්න නෙලන දිස්ත්‍රික්ක නවයක වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර මේ වන විට වී මෙට්‍රික් ටොන් 11,069 ක්  වී අලෙවි මණ්ඩලය මඟින් ඒ ඒ දිස්ත්‍රික්ක තුළ මිලදී ගෙන ඇත. ඒ සඳහා ගොවීන් වෙත රුපියල් මිලියන 449.72 ක මුදලක් බැංකු මඟින් ගෙවා අවසන් කර ඇති බවත්, මෙවර ගොවියන්ගෙන් වී මෙට්‍රික් ටොන් 120,000 ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
     
    අස්වැන්න නෙලන දින අනුව අනිකුත් දිස්ත්‍රික්ක තුලද  වී මිලදී ගැනීම ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් පාලිත මහතා පැවසීය. මෙම මිලදී ගැනීම් නොකඩවා සියළු දිස්ත්‍රික්ක තුල ඉතාමත් සාර්ථක අයුරින් වී අලෙවි මණ්ඩල ප්‍රාදේශීය කළමනාකරුවන් මඟින් සිදු කරන බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ඒ පිළිබඳව නොකඩවා අධීක්ෂණය සඳහා අමාත්‍යංශ නිලධාරීන් කණ්ඩායමක් යොදා ඇති බව හෙතෙම පැවසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya