අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි පේනු හා කෙවෙනි සදහා ජාතික ප්‍රමිතියක්

    සැප්තැම්බර් 13, 2016
     
    විදුලි පේනු හා කෙවෙනි සදහා ජාතික ප්‍රමිතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ශාලිය මැතිව් මහතා පැවසීය.
    ඒ මහතා මේ බව අනාවරණය කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවේදීය.                                    
     
    මෙහිදී අදහස් දැක්වු  මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ,ජාතික ප්‍රමිතිය ලෙස සෘජුකෝණාස්‍ර හැඩයෙන් යුත් ජී වර්ගය ලෙස හඳුන්වන විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට මාරු වීම සඳහා රජය තීරණය කර ඇති බවත් නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වනදා සිට බලාත්මක වන බවද පැවසීය.
     
    2016 අගෝස්තු 16 වන දින සිට ජී කාණ්ඩයට අයත් නොවන  විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය සඳහා වසරක සහන කාලයක් ක්‍රියාත්මක වන අතර 2017 අගෝස්තු 16 සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරේ.
     
    2018 අගෝස්තු 16 වන දින සිට ජී වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කරන අතර නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීම සම්පුර්ණ කෙරෙනු ඇත.
     
    දැනට භාවිතාවේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති සහ ඒවායේ විදුලි කෙවෙනි වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර නව රැහැන් පද්ධති සකස් කිරීමේදී ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතා කළයුතු වේ. එම කෙවෙනි සදහා වර්ග මිලි මීටර් 2.5 රැහැන් හෙවත් 7/0.67 රැහැන් වර්ගය පමණක් නිර්දේශ කර ඇත. 
     
    නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව අළුතින් විදුලි උපකරණ මිලදී ගැනීමේදී ඇම්පියර් 13 පේනුවක් ඇත්දැයි පරීක්ෂා කරන ලෙසත් නව ඉදි කිරීම් වලදී ඇම්පියර් 13 ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට යෝග්‍ය පරිදි රැහැන් පද්ධති සකස් කළයුතු බවත් කොමිෂන් සභාව දන්වා සිටී.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya