අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයිනට අවශ්‍ය හදිසි ඖෂධ ශ‍්‍රී ලංකාවෙන් ලබාදීමේ තීරණයක්

    සැප්තැම්බර් 12, 2016

    ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවල මාලදිවයිනේ වෛද්‍ය ශිෂ්‍යයින්ට අධ්‍යාපනය ලබාදීම, එරට සෞඛ්‍ය සේවකයින්ට ශ‍්‍රී ලංකාවේ දී විශේෂ පුහුණුවක් ලබාදීම, මාලදිවයිනට අවශ්‍ය හදිසි ඖෂධ ශ‍්‍රී ලංකාවෙන් ලබාදීම, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය දැනුම ශ‍්‍රී ලංකාවෙන් ලබාදීම වැනි කරුණු කෙරෙහි මාලදියින් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේචී අවධානය යොමු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියා කළාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරයට සහභාගි වී සිටි මාලදිවයින සෞඛ්‍ය අමාත්‍ය Abdulla Nazim Ibrahim මහතා සමඟ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹ ගොල්ෆේස් හෝටලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

     

    මාලදිවයිනේ පැවැත්වීමට නියමිත බෝනොවන රෝග පිළිබඳ විශේෂ සමුළුවක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන ලෙස එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරයාට ආරාධනාවක් ද කළේය.

     

    එහිදී අදහස් දැක් වූ මාලදිවයින සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ බෝනොවන රෝග පිළිබඳව ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි වශයෙන් අවධානය යොමු කර තිබීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එය අගය කිරිම හේතුවෙන් මෙම ආරාධනාව සිදු කරන බවයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya