අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යයි

    සැප්තැම්බර් 12, 2016

    සුදුසු පෞද්ගලික ආයෝජකයෙකු හඳුනා ගනිමින්, රාජ්‍ය - පෞද්ගලික හවුල් ක්‍රමවේදය යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    මෙම යෝජනාව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ අතර නගරයේ රථ වාහන තදබදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින තත්ත්වයක් යටතේ එයට විකල්පයක් ලෙස මෙම ක්‍ර‍මය හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

    මෙහිදී බස් රථ හෝ දුම්රිය ප්‍රවාහනය ප්‍රමාණවත් ලෙස සේවයේ යොදවා නොමැති ප්‍රදේශ සඳහා ජලාශ සහ ඇළ මාර්ග පාදක කරගත් ශීඝ්‍ර හා සකසුරුවම් ප්‍රවාහන සේවාවක් ලබා දිය හැකි බව හඳුනාගෙන ඇත.

    ඒ අනුව, කොළඹ නැඟෙනහිර - බටහිර සහ උතුරු - දකුණු ප්‍රදේශ සම්බන්ධ කරන විධිමත් සම්බන්ධීකරණ මාදිලියක් වශයෙන් දැනට පවතින ඇළ මාර්ග පද්ධතිය සහ සමුද්‍රය භාවිත කිරීම මඟින් කාර්යක්ෂම ප්‍රවාහන‍ ‍සේවාවක් සලසා දිය හැකි අතර වැල්ලවත්ත - බත්තරමුල්ල (ඇළ මාර්ග ඔස්සේ), කොටුව - යුනියන් පෙදෙස (බේරේ වැව ඔස්සේ), මට්ටක්කුලිය - හංවැල්ල (කැලණි ගංඟාව ඔස්සේ) යන අභ්‍යන්තර ජල ප්‍රවාහන මාර්ග තුන මේ සඳහා විභවයක් පවතින මාර්ග වශයෙන් මහානගර ප්‍රවාහන කමිටුව විසින් හඳුනාගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya