අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවැඩියාව පාලනයට රුපියල් ලක්ෂ 850 ක විශේෂ ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 10, 2016
    දියවැඩියා රෝගය සහ හෘද රෝග අවම කිරිම සදහා තුන් අවුරුදු විශේෂ වැඩසටහනක් සදහා ගිවිසුම් අත්සන් කිරීම කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩි හෝටලයේදී සිදු කෙරිණි. 
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ලෝක දියවැඩියා සංගමය, ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ දියවැඩියා සහ අන්තරාසර්ග වෛද්‍යවරුන්ගේ සංගමය ඒකාබද්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    මෙහිදී මෙම රෝග තුරන් කිරීම සදහා ප‍්‍රතිකාර සේවා විධිමත් කිරිම, සෞඛ්‍ය පුරුදු ප‍්‍රවර්ධනය කිරිම සිදු කරන ලද අතර, ප‍්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ සඳහා  වැය කරන මුදල රුපියල් ලක්ෂ 850 කි. 
     
    ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉයන්ති අෙබිවික‍්‍රම මහත්මිය, දියවැඩියා සහ අන්තරාසර්ග වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා, ලෝක දියවැඩියා සංගමයේ නියෝජිත වෛද්‍ය ඇන්ඩ‍්‍රසන් මහතා එක්ව සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya