අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පණත ක්‍රියාත්මක කිරීමට වරාය අමාත්‍යාංශය පෙළගැසෙයි

    සැප්තැම්බර් 10, 2016
    තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත ක්‍රියාත්මක කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පෙළගැසෙයි. එහි මූලික පියවර ලෙස එම පණත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව පසුගියදා වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 
    වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ අමාත්‍යාංශ ලේකම් එල්.පි.ජයම්පති මහතා විසිනි. 
     
    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූයේ 2016 අගෝස්තු 04 වැනිදායි. පණත සම්මත වී මාස 6 කින් එය ක්‍රියාත්මක කළ යුතුය. අද පැවැති වැඩමුළුවේදී එම පණත ගැන අමාත්‍යාංශ නිලධාරීන් සහ පැමිණි සිටි පිරිස දැනුවත් කෙරිණ. එහිදී අදහස් දක්වමින් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  මහතා පැවසූයේ නිරවද්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව මහජනතාව සතුවිය යුතු බවයි. එම අයිතිවාසිකම තහවුරු කිරීමට අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් සහ අමාත්‍යාංශයට අයත් සෙසු ආයතනද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
       
    “තොරතුරු දැනගැනීමේ පණත බොහෝ දෙනෙක් අපේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටි දෙයක්. විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේදී එය ප්‍රධාන අවශ්‍යතාවයක් වී තිබු‍ණා. මහජනතාව තොරතුරු දැනගැනීම අප සැඟවිය යුතු නැහැ කියලා පසුගිය මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිතුමත්, අගමැතිතුමත් කියා සිටියා. අපිට මේ පණත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි වුණේ ඒ ස්ථාවරය නිසා....” යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya