අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ඔක්තෝම්බර් මාසයේදී

    සැප්තැම්බර් 09, 2016
    විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත හා කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් මේ වන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් එය ලබන ඔක්තෝම්බර් මස තුන්වන සතියේ දී පාර්ලිමේන්තුවේදි සම්මත කර ගැනීමට නියමිත බවත් පෙන්වා දෙන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම පනත් දෙක සියලු නිකායවල ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනාවලට අනුව මහා සංඝරත්නයට අවශ්‍ය ලෙස බුද්ධ ශාසනයේ චිර පැවැත්ම ආරක්ෂා වෙන පරිදි සකස් කර ඇති බවත් පැවසීය. 
    අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගෙන නව රජයේ ගමන් මඟට වසරක් පිරීම නිමිත්තෙන් ආශිර්වාද කිරීමේ හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වසරක ප්‍රගතිය ඇගයීමට ලක් කීරීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සවයකට සහභාගි වෙමින් මේ බව පැවසීය.  
     
    ඇතැම් අය පසුගිය කාලයේ ප්‍රකාශ කළා මේ පනත් හරහා ශාසනයට ගිහියන්ට ඇගිලි ගැසීමේ අවස්ථාව උදා කරලා තිබෙනවා කියලා එය අසත්‍යයක්. කිසිම ගිහියෙකුට බුද්ධ ශාසනයේ කටයුතු වලට ඇගිලි ගසන්න බැහැ.එහෙම අපි ඉඩ තියන්නේ නැහැ .විහාර දේවාලගම් පනත බ්‍රිතාන්‍ය පාලන සමයේ අපේ රටට හදුන්වා දුන් දෙයක් .වසර හැටක් ගිහිල්ලත් එය සංශෝධනය කරන්න පැවති කිසිම ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ .එයට විශේෂ හේතු තිබුණා.මෙම පනත් සංශෝධනය කරන්න ගිහිං එහි අවදානම ගන්න කවුරුත් කැමති වුණේ නැහැ.ඒත් අපේ රජය එම අවදානම අරගෙන මේ පනත් ගෙන ආවේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සදහා බව සදහන් කළ යුතුයි.එසේ කළහොත් අපේ රටේ ජාතික මෙන්ම ආගමික සමගිය ආරක්ෂා කරන්න පුළුවන්. 
     
    ගත වු වසර තුළ සිදු කළ සේවයට වඩා වැඩි යමක් ඉදිරි වසර තුළදි සිදු කළ යුතු බව කිව යුතුයි .අපි පසුගිය වසර තුළ බුද්ධ ශාසනයේ මෙන්ම බෞද්ධ ජනතාවගේ උරුමය ආරක්ෂා කිරීමට විශාල වැඩ කොටසක් කළා .විශේෂයෙන් 2017 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය මෙරට පැවැත්වීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙනවා.ඒ සදහා මේ වන විටත් කටයුතු කර ගෙන යනවා.එය ලංකාවේ පැවැත්වීම බෞද්ධයන් වන අපට විශාල ගෞරවයක් .මීට අමතරව 2018 වසරේදී ථේරවාදී බෞද්ධ මහා සම්මේලනයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරනවා.ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ත්‍රිපිටකටය වසර 2,500 ක් පමණ ආරක්ෂා කළ රට වශයෙන් අපිට ඒ සදහා අයිතියක් තිබෙනවා.
     
    එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ මුල් උරුමය තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් වන අපිටයි .මුල්ම වෙසක් දින උත්සවය මලලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 1950 වසරේදී මහනුවරදී පවත්වා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය අපේ රටට ලබා ගැනීමට වසර 13 ක් අපි උත්සාහ කළා .බෞද්ධ දර්ශනය සිංහල ජාතිය සමග බැදී පවතින දෙයක්.සිංහලයාගේ උරුමය බෞද්ධ කමයි.බෞද්ධ දර්ශනය මේ රටේ නිවැරදිව සුරක්ෂිත වන්නේ නම් මේ රටේ ජීවත්ව සිටින අනෙක් ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා වෙන බව කිව යුතුයි.
     
    අපේ රට හදන්න ගම හදන්න ආගමික ජාතික සමගිය ආරක්ෂා කරන්න නම් පළමුව මිනිසා සකස් කළ යුතුයි.මිනිසා හදන්නේ කෙහොම ද කියලා අපේ බෞද්ධ දර්ශනයේ මනාව පැහැදිලි කරලා තිබෙනවා.1960 සම්මත කර ගත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය අධ්‍යනය කර බලන කොට එහි කරුණුවල තිබෙන්නේ බෞද්ධ දර්ශනයයි.ඒ විතරක් නෙවෙයි බ්‍රිතාන්‍ය පාලනය කාලේ අපේ රටට හදුන්වලා දී තිබෙන දණ්ඩ නීති සංග්‍රහයේ කරුණු 380 ම අධ්‍යනය කළාම ඒවායේ ඇතුළත් වෙලා තිබෙන්නේ බුදු දහමේ එන පංච ශීල ප්‍රතිපත්තිය බවයි. 
     
    වත්මන් රජය කිසිසේත් බෞද්ධ ආගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීමට හෝ රටේ ඒකීය භාවය නැති කිරීමට හෝ කිසිසේත් කටයුතු නොකරන බවත් බෞද්ධ ආගමට මුල් තැන දෙන ගමන් අනෙකුත් ආගම් ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසිය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya