අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුම් උත්සවය ගාල්ලේදී

    සැප්තැම්බර් 09, 2016
    අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය සහ දකුණ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන අංශය සංවිධානය කරනු ලබන ජාතික “ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුම් උත්සවය පසුගියදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි. තිරසාර සංවර්ධනය උදෙසා සාක්ෂරතාව මැයෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුනු අතර පළාත් සියල්ලම නියෝජනය කරමින් සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් දු දරුවන් රැසක් සහභාගී වී සිටියහ.
    මෙහි දී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ එච්.පී.එම්. ලක්ෂ්මන් මහතා පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවේ දැනට සාක්ෂරතා අගය 95.7% ක් වන බවත් 98.5% ක් දු දරුවන් පාසල් ගත වී ඇති  බවත්ය. නමුත් තවමත් 1.5% ක පාසල් යන වයසේ දු දරුවන් විවිධ ආර්ථික හා සාමාජීය ගැටළු හේතුවෙන් පාසල් ගත කරලීමට අපොහොසත් වී ඇති බවයි. 
     
    1947 වර්ෂයේ දී ජාත්‍යන්තර සාක්ෂරතා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කෙරිණි.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya