අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුනාමි ඉවත් කිරීමේ පෙරහුරු

    සැප්තැම්බර් 08, 2016
    ඉන්දීය සාගරයෙහි සුනාමි අවදානමක් ඇති රටවල් 29 එක්ව අන්තර් ජාතික සුනාමි ඉවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බ්‍රාහ්මණවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ දී   පැවැත් විණි. එහි ආදර්ශ ආරක්ෂණ මධ්‍යස්ථාන ලෙස බලපිටිය රේවත විද්‍යාලය සහ බලපිටිය ශ්‍රී දර්ශණාරාමය විහාරය හදුනාගෙන තිබිණි.
    මේ සඳහා ගාල්ල දිසා ලේකම් කාර්යාලය, බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බලපිටිය ප්‍රාදේශීය සභාව, පොලිස් ස්ථානය, බලපිටිය රෝහල, නාවික හමුදාව, යුධ හමුදාව, රතු කුරුස සංවිධානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය , පාසල් දුවා දරුවන් සහ සිවිල් වැසියන් 400කට ආසන්න පිරිසක් මේ සඳහා එක් වී සිටිය හ.
     
    මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය විසින් සංවිධානය කෙරිණි.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya