මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරේ වරාය දියුණු කිරීම ගැන සාකච්ඡාවක්

    සැප්තැම්බර් 07, 2016

    කන්කසන්තුරේ වරාය දියුණු කිරීමේදී ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවටත් මුල්තැන ලබාදිය යුතු බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරී මණ්ඩලය ඊයේ හමු වූ අවස්ථාවේදී හමුවෙමිනි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ පැවති එම හමුවේදී පසුගියදා යාපනයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී හඳුනාගත් කරුණු ගැනද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් දැනුවත් කළේය.

     

    වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගියදා යාපනය සංචාරයක නිරත වූ අතර එම සංචාරයේදී කන්කසන්තුරේ වරායද  අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

     

    උතුරු ප්‍රදේශය භාර නාවික ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කන්සන්තුරේ වරායේ වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් එහිදී සිදු කළේය. එම අවස්ථාවට එක් වෙමින් අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ඉන්දියානු උප මහද්වීපයෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි මත් උවදුර වැනි තර්ජන මර්දනයට කන්කසන්තුරේ වරාය උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් වන බවයි.

     

    මේ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය වැනි අනවශ්‍ය භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් මෙරටට එන බවත් මේ නිසා කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමේදී ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මේ වරායේ සිවිල් කටයුතු මෙන්ම ආරක්ෂක කටයුතු සිදු විය යුතු බවත් ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය අවශ්‍යය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya