මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා හා තාක්ෂණ සම්මන්ත්‍රණය - 2016

    සැප්තැම්බර් 07, 2016
    සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණ ශ්‍රී ලංකා සම්මන්ත්‍රණයේ සමාරම්භක උළෙල අද (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වේ.
     
    මෙම සම්මන්ත්‍රණය තිරසාර ජාතික සංවර්ධනයක් සඳහා විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදනයන් භාවිතයට ගැනීම යන තේමාව යටතේ සැප්: 08 දා සිට 10දා තෙක් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වේ.
     
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රධාන දේශණය සිදු කළ වාර්ෂික ජපාන STS සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකා STS සම්මන්ත්‍රණය 
    සඳහා පසුබිම් වී ඇත.
     
    කර්මාන්ත ක්ෂේත්‍රය හා යටිතල සංවර්ධන වැඩසටහන් සඳහා උසස් තාක්ෂණයන් හඳුන්වාදීමේ අරමුණින්, ශ්‍රී ලංකා රජයේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් ප්‍රථම වරට කැඳවනු ලබන මෙම සම්මන්ත්‍රණය එක්සත් රාජධානිය, ඉන්දියා අධ්‍යාපන හා මූලාරම්භය, ජපාන - ශ්‍රී ලංකා නවෝත්පාදන වේදිකාව හා සහයෝගීතාවයෙන් සංවිධානය කෙරේ. මෙහි තාක්ෂණ සැසිය සඳහා JAICA, WIPO, GTZ හා THOMSON REUTERS වෙතින් සහාය ලබා දේ. 
     
    සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිළිබඳ මහාචාර්ය මයිකල් ජේ.කෙලී විසින් සිදු කරන අතර මේ සඳහා ආරාධිතයින් 1200කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය.
     
    08දා ආරම්භ වන තාක්ෂණ සැසිවල සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදු වන අතර ජපානයේ STS ​සම්මන්ත්‍රණ සභාපතීත්වය දරන ජපාන රජයේ හිටපු මුදල් අමාත්‍ය සහ හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයෙකු වන කෝජි ඕම් මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කරනු ඇත. මැලේසියා අග්‍රාමාත්‍යවරයාගේ විද්‍යා උපදේශක තනතුර සහ BIO - ECONOMY CORPORATION MALAYSIA හි සභාපති ධුරය හොබවන මහාචාර්ය ටෑන් ශ්‍රී සක්රි අබ්දුල් හමීඩ් මහතා විසින් ද මෙහි ආරාධිත දේශනයක් සිදු කරනු ඇත. තාක්ෂණ සැසි සඳහා ආරාධිතයින් 700කට වැඩි පිරිසකගේ සහභාගීත්වය හිමිවනු ඇත.
     
    කොළඹ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සැසිය අවසන් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya