මාළු ටැංකිවල සුරතලට ඇති කරන මෙම විසිතුරු මත්ස්‍යයා ප්‍රමාණයෙන් විශාල වූ විට උන් වැව් සහ පොකුණු වලට මුදා හැරීමෙන් මෙම තත්වය උද්ගතව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. ඔහු මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය. ආක්‍රමණශීලි ආගන්තුක ජීව විශේෂ පිළිබද මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් දැනුවත් කිරීම සදහා මෙම වැඩමුළුව සංවිධානය කොට තිබුණි.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ මාලු ටැංකි වලට නැතිවම බැරි මත්ස්‍යයෙක් වන ටැංකි සුද්දා කාලයත් සමග ශරීරයෙන් විශාල මට්ටමකට පැමිණේ. එවිට වැඩි පිරිසක් උන් රැගෙන ගොස් ගංගා වැව් සහ පොකුණු වලට මුදා හරිනු ලබයි. රෝහණ ජයසේකර මහතා පෙන්වා දෙන්නේ එවැනි ස්ථාන වලදී අභිජනන ක්‍රියාවලිය මගින් මෙම මත්ස්‍යයන්ගේ ගහණය විශාල වශයෙන් ඉහළ යන බවත් එවිට ඔවුන් සෙසු මත්ස්‍යයන්ගේ බිත්තර කැටි විශාල වශයෙන් විනාශ කරන බවත්ය.
මේ නිසා සුරතලයට විසිතුරු මසුන් ඇති කරන පිරිස් මෙම මත්ස්‍යයන් ගංගා වැව් සහ පොකුණු වලට මුදා හැරීමෙන් වලකින ලෙස පෙන්වා දුන් ඒ මහතා පහතරට තෙත් කලාපයේ සහ මහවැලි ගග දෙපස ජලාශ වල මිරිදිය මත්ස්‍යය ගහණය සැලකිය යුතු මට්ටමකින් මේ වන විටත් පහත වැටී ඇති බව පෙන්වා දෙන ලදි.
දැනට ලංකාවේ වෙසෙන සතුන් අතරින් සත්ව විශේෂ 08 ක් ආගන්තුක ආක්‍රමණශීලී ජීවින් ලෙස හදුනා ගෙන තිබේ. ඒ අතරට මත්ස්‍ය විශේෂ 05 ක් අයත් වන අතර, ගොළුබෙලි විශේෂ දෙකක්ද වේ. මීට අමතරව එක් උරග විශේෂයක්ද ආක්‍රමණශිලී ජීවීන් ගණයට අයත්ය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ආර් විමලසිරි, ඉඩම් කටයුතු පිළිබද අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී රණේපුර, සහ මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරින් පිරිසක්ද සහභාගී වූහ.
AP/DMU-Kandy