මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති නීතිගත කිරීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමක්

    සැප්තැම්බර් 05, 2016
    දකුණු ආසියාවේ ශක්තිමත්ම ක්ෂුද්‍ර මුල්‍ය  කටයුතු කිරීමේ බැංකුව ලෙස දිවිනැගුම/සමෘද්ධි බැංකු  හදුන්වා දිය හැකි බවත්, එම අංශය ජනතාව වෙත ගෙනයමින් දුගි බව තුරන් කිරීම සදහා දිවිනැගුම නිලධාරින් කැපවි කටයුතු කළ යුතු බව සමාජ සවිබල ගැන්වීමේ සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය.
    දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති නීතිගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කිරිම සදහා නුවරඑළිය සින්සිටා නව නගර ශාලාවේ පැවති  වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
     
    මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා  සදහන් කලේ සියළු  දිවිනැගුම බැංකු  ඒවාට අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් හා පොදු පහසුකම් ද, නව ඉදිකිරීම් හා අලුත්වැඩියාවන් ද කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවය
     
    සහනාධාරය දුප්පත්කම නැතිකිරීම සඳහා පිළියමක් නොවන බවත්, එහෙත් දුප්පත් මිනිසුන් මනසින් බැඳ තබා ගනිමින් දිවිනැගුම නිලධාරින් ඔවුන් සමඟ ජිවත්වන ඔවුන්ගේම අයෙකු විය යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකිවන බව පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට  දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ  රාජ්‍ය නිලධාරින් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම, දිවිනැගුම කළමනාකරුවන් සහ දිවිනැගුම සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වුහ. 
     
    AP/DMU-Nuwaraeliya
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya