මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත වේගවත්ව ජනගත කිරීමට මාධ්‍යවේදීන්ට කටයුතු කළ හැකියි

    සැප්තැම්බර් 02, 2016

    තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ජනගත කිරීම වේගවත් කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ ආරම්භක වැඩමුළුව අද (02) රත්නපුර දිස්ත්‍රික්කයේදී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට  පියවර ගෙන තිබේ.

    මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වී කතානායකවරයා අත්සන් කිරීමෙන් පසු මාස 6ක් ඇතුළත පනතේ ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව ළඟදීම පත් කිරීමට කටයුතු යොදා තිබෙන බව ද සඳහන් කළේය.

    ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 04 වැනි දා වන විට මෙම පනත ක්‍රියාත්මක විය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     DSC6326

     

     DSC6275

     

     DSC6355

     

     DSC6360

     

     DSC6261

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya