අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරීයානු නියෝජිත කණ්ඩායම උඩප්පුව බහු කාර්ය ධීවර වරාය නිරීක්ෂණය කරයි

    සැප්තැම්බර් 03, 2016

    යෝජිත බහු කාර්ය ධීවර වරාය සංකල්පය, විරැකියාව නැති කිරීම සදහා මෙන්ම අපේක්ෂිත ආර්ථික ඉලක්ක ජය ගැනීම සදහා මහත් පිටුවහලක් සපයන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, උඩප්පුව බහු කාර්ය ධීවර වරාය ඉදි කිරීමට යෝජිත ප්‍රදේශය නිරීක්ෂණය මෙරටට පැමිණ සිටින කොරීයානු නියෝජිත කණ්ඩායම හමු වූ
    අවස්ථාවේදීය .


    කඩිනමින් වැඩ අවසන් කිරීමෙන් අනතුරුව මේ සෑම බහු කාර්ය ධීවර වාරයක් ආශ්‍රීතවම සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් නිර්මාණය වන බව ද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.  

    විශාල ප්‍රමාණයේ යාත්‍රා වලට පිවිසිය හැකි වන පරිදි මෙන්ම එවැනි යාත්‍රා සදහා පහසුකම් සැලසීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව මත්ස්‍ය අස්වැන්න ගොඩබෑම , නවීන ශීතාගාර , ගබඩා පහසුකම් , අලෙවිසල් , ප්‍රවාහන පහසුකම් , ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වන පරිදි මෙම බහු කාර්ය ධීවර වරායන් සැලසුම් කර තිබේ .

     

    යෝජිත මෙරට ප්‍රථම බහු කාර්ය ධීවර වරාය ඉදිකිරීමට නියමිත උඩප්පුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ කොරියානු නියෝජිතයින් ධීවර කර්මාන්තය අදායම් උත්පාදන ක්ෂේත්‍රයක් බවට පත් කරන බහු කාර්ය ධීවර වරාය ඉදිකිරීමට සුදුසු ප්‍රදේශ හඳුනා ගැනීමේදී ධීවර ජනතවගේ අදහස් විමසුවේ ය.

    මෙම කොරියානු නියෝජිත කණ්ඩායම ප්‍රදේශයේ ධීවර ජනතාවද හමුවිය. එහිදී ප්‍රදේශයේ ධීවර ජනතාව තමන් මුහුණ දී සිටින ගැටළු හා ඒවාට ලබා දිය යුතු විසදුම් පිළිබදව වරායක් ඉදිකිරීමේදී අවධානය යොමු කළයුතු කරුණු පිළිබදව ද අදහස් දැක්විය .

    එහිදී කොරීයානු නියෝජිත කණ්ඩායම කියා සිටියේ ශක්‍යතා අධ්‍යනයක් සිදුකර මෙවැනි බහු කාර්ය ධීවර වරායක් ඉදිකිරීමට ඉතාම සුදුසු ප්‍රදේශය තීරණය කර  බවය .

    වඩාත් ඵලදායි ලෙසත් පාරම්පරික ධීවර ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව තම කර්මාන්තයේ නිරත වීමට ඇති අයිතිය ආරක්ෂා වන පරිදි බහු කාර්ය ධීවර වරාය සංකීර්ණය ඉදිකිරීමට සැලසුම කරණ බවත් ඔවුහු එහිදී අවධාරණය කළහ. ඊට අමතරව මෙම බහු කාර්ය ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් ධීවර ගම්මාන බිහිවීමත්  සාප්පු සංකීර්ණ හා පොදු පහසුකම් සංවර්ධනය සදහා ද වැඩි අවධානය යොමු කර ඇත .


    කොරියාවේ සාගර සහ ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ Mr. Kweon, Jun Y oung හා එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Mr. Seo, Dong Hyun යන මහත්වරුන් සමග SLIIC Holdings සමාගමේ ප්‍රධානී Mr. Kim, Hak Youn එහි උප සභාපති Mr. Kim, Yoon යන මහත්වරුන්ද පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී සිසිර කුමාර අබේසේකර මහතා,ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් අබ්දුල් මජිඩ් , රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර , රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක අයේෂ් රණවක , රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම්( ජාත්‍යන්තර කටයුතු) ප්‍රසන්න කුලතුංග යන මහත්වරුද නිරීක්ෂණ චාරිකාවටඑක්ව සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya