අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියාවේදී ජීවිත අහිමිවූවන්ට රුපියල් මිලියන 25ක්

    සැප්තැම්බර් 03, 2016

    විදේශ රැකියාවල යෙදී සිටියදී මරණයට පත්වූ විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ශ‍්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රුපියල් මිලියන 25ක වන්දි ලබාදුන් බව කාර්යාංශය සඳහන් කරයි.

    මේ වසරේ ජනවාරි මස සිට ජූලි මාසය දක්වා වු  කාලය තුළ  මෙම වන්දි ගෙවීම් සිදුකර තිබේ. මරණ 57ක් සඳහා වූ වන්දි  ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට ලබාදී ඇත.ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්‍ෂණය මඟින් මෙම මුදල් ගෙවා ඇත.

     

    හදිසි මරණ සඳහා එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 5ක්ද  රෝගි තත්වයන් මත හෝ අසනීප  තත්ත්වය මත සිදුවූ මරණ සඳහා රුපියල් දෙලක්‍ෂ පනස් දහස බැගින් මෙම වන්දි මුදල් ප‍්‍රදානය කෙරෙන බව කාර්යාංශය සඳහන් කරයි.

    මේ අතර  විගමණික ශ‍්‍රමිකයින් සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර හා වෙනත් ආබාධිත තත්වයන් සඳහා පුද්ගලයින් 727 දෙනෙකුට රුපියල් මිලියන 24ක වන්දි ගෙවා තිබේ.ඒ පසුගිය මාස 7ක  කාලය තුළදී ආබාධිත තත්ත්වයේ පසුවන ශ‍්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ගුවන් ටිකට්පත් වියදම්ල පූර්ණහෝ ආබාධිත තත්වයට පත් ශ‍්‍රමිකයින් ඇතුළු විගමණික ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ  යැපෙන්නන් වෙත මෙම වන්දි ප‍්‍රදානය කර ඇත.

    මේ අතර  කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුවල 2015 වර්ෂයේදී විගමණික ශ‍්‍රමිකයින් 174 දෙනෙකුගේ මරණ වෙනුවෙන් රුපියල් මිලියන 71ක වන්දි ප‍්‍රදානය කර තිබේ. එම කාලය තුළ වෛද්‍ය ප‍්‍රතිකාර හා වෙනත් ආබාධිත තත්වයන් සඳහාත් රුපියල් මිලියන 64ක වන්දි ප‍්‍රදානය කර ඇත. ඒ පුද්ගලයින් 2931 දෙනෙකු වෙනුවෙනි. ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන ශ‍්‍රමිකයින් වෙනුවෙන් රක්‍ෂණ අරමුදල් වන්දි පිරිනැමෙන අතර ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ. ලියාපදිංචි වූ ශ‍්‍රමිකයාට රක්‍ෂණ ආවරණය නොමිලේ ලබාදෙන බවද කාර්යාංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya