අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලපීය සමුළුව කොළඹ දී

    සැප්තැම්බර් 03, 2016

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලපීය සමුළුව කොළඹදී පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    මෙම සමුළුව සඳහා විවිධ රටවල සෞඛ්‍ය අමාත්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් සහභාගී වන බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    සැප්තැම්බර් මස 5 දින සිට 9 දින දක්වා සමුළුව පැවැත්වෙන අතර එම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාග්‍රට් චෑන් මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් පූනම් සිං මහත්මිය විශේෂ ආරාධිතයින් ලෙස සහභාගිවීමට නියමිතය.

     

    බෝ නොවන රෝග පිළිබඳව  විශේෂ අවධානය මෙම සමුළුවේ දී යොමු කරන බව කී වෛද්‍ය පාලිත මහීපාල මහතා, දුම්කොළ භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් වැඩසටහන් පිළිබඳව අවධානයට යොමු කෙරෙන බවත් මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව මැලෙරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙස සහතිකය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි ද පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya