අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳපොළ ඉලක්කගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්

    සැප්තැම්බර් 03, 2016

    මෙතෙක් නිසි පිළියමක් ලබා දිය නොහැකි වූ විරැකියා ප්‍රශ්නයට පැහැදිළි විසදුම් සපයමින් ශ්‍රම වෙළඳ පොළ ඉලක්කගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කරා ගෙන යාම නව රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කල ශ්‍රී ලංකාවේ ගැටළු විසදීම සහ රැකියා ගැටළු අධ්‍යනය කිරීම යන මැයෙන් පසුගියදා කොළඹදී පැවති වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, මේ වන විට ශ්‍රී ලංකාව සංවර්ධනයේ නව අදියරකට පිවිසෙමින් තිබෙනවා. නව රජය යටතේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය සංවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

     

    යහපාලනය මුලිකව පුළුල් සංවර්ධනයක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මේ රටේ පුළුල් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමත් අපේ රජයේ අරමුණක්. ඒ සඳහා රාජ්‍ය ආයෝජන වගේම පෞද්ගලික අංශයේ ආයෝජන පුළුල් කිරීමත්, විදේශ ආයෝජන පුළුල් කිරීමත් අවශ්‍යයි.

     

    නව රජය ජාත්‍යන්තර සහය ලබා ගනිමින් සමබර සංවර්ධනයක් සඳහා අවශ්‍ය මුලික පියවර ක්‍රියාවට නංවා තිබෙනවා. පහළ මැදි අදායම් ලබන රටක් ලෙස සිටින ශ්‍රී ලංකාව ඉදිරියේදී ඉහළ මැදි අදායම් ලබන රටක් බවට පත් කිරීම අපේ ඉලක්කයයි.

     

     

    යහපාලනය සහ අපනයනය පාදක වූ සංවර්ධනයක් තුලින් ආර්ථික අභියෝග ජය ගැනීමට කැපවී සිටින බව සිහිපත් කල යුතුයි. රැකියා දසලක්‍ෂයේ වැඩසටහන, ජනතාවගේ අදායම් මාර්ග පුළුල් කිරීම, වැඩකරන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ අපේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම තුලින් ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අප
    අපේක්ෂා කරනවා.

     

    ඉදිරි වසර හතර තුල රට සංවර්ධනය කිරීමට ට්‍රිලියන 19.6 ක ආයෝජන අවශ්‍යවෙනවා. ඉන් යන 18%ක් රාජ්‍ය ආයෝජන වන අතර ඉතිරි 82% පුද්ගලික ආයෝජන ලෙසයි
    සැලකෙන්නේ. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මන එකග තාවයකින් යුතුව ඒකාබද්ධ සංවර්ධනයකට යොමු වෙන්න සුදානම් බව සඳහන් කලයුතුයි. විශේෂයෙන්ම නව කර්මාන්ත සහ සේවා අංශ ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විරැකියා ගැටලුව විසදීමට සැම රජයක්ම උත්සාහ කලත් මේ දක්වා එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී නැහැ.

     

    ශක්තිමත් ආයෝජන තුලින් විරැකියා ගැටලුවට සාර්ථක විසදුම් සෙවීමටයි රජය බලාපොරොත්තු වෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව අතර වසර 50ක පමණ සිට ශක්තිමත් සබඳතාවක් පවතිනවා. එම කල සිමාව තුළ ආසියානු සංවර්ධන බැංකුව තුලින් අප රටට ඩොලර් බිලියන 8 කට අසන්න ණය සහ ආධාර ලබාදී තිබෙනවා. 2015 වසරේ
    ඇමරිකන් ඩොලර් මිලියන 600කුත් මේවසරේ ඩොලර් මිලියන 700කුත් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා මිට පෙර මෙම ආධාර යෙදවූයේ කෘෂිකර්මාන්තයට උවත් ඉදිරියේදී විදුලි බල, අධ්‍යාපන සහ මහාමාර්ග වෙනුවෙන් යොදවන්නට බලාපොරොත්තු වෙනවා.

    ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන අංශයන් සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. අධ්‍යාපනය, විදුලිය, කෘෂිකර්මාන්තය, ස්වභාවික සම්පත් සංවර්ධනය ආදී අංශ
    ගණනාවක් සඳහා සහය ලබා දී තිබෙන බවත් ඉදිරි සංවර්ධන වැඩසටහන් වලදී ආසියානු සංවර්ධන බැංකුවේ සහය නව රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ව්‍යාපෘති ලේකම් ශාන්ත බණ්ඩාර, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ශාන්ග්‍ ජින් වෙයි (shang-jin wei) යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya