අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට උපරිම සේවය සළසන්න - සෞඛ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 03, 2016

    සිය රාජකාරී ඉටුකර ගැනීම සඳහා දුෂ්කර ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවට උපරිම සේවාවන් සපයන්නැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමට එක්වෙමිනි.

     

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - ජනතාවගෙන් ඉදිරිපත්වන ලිපි ගොනුවල නොතබා ඊට පිළිතුරු  සපයන්න. දුෂ්කර ප‍්‍රදේශවලින් ජනතාව සිය රාජකාරී කටයුතු සිදු කර ගැනීම සදහා අමාත්‍යාංශයට පැමිණෙනවා. ඔවුන්ට උපරිම සේවාවන් සපයන්න.

    මාගේ ප‍්‍රධානත්වයෙන් මසකට වරක් පැවැත්වෙන ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමට නියමිත වේලාවට පැමිණෙන්න. ඇතැම් නිලධාරීන් ප‍්‍රමාද වෙනවා. එය වරදක්.

    සෞඛ්‍ය අමාත්‍යාංශ සේවක සේවිකාවන්ට අගොස්තු මස අතිකාල දීමනා මෙතෙක් නොලැබුන බව වෘත්තීය සංගම් මට දැනුම් දුන්නා. එම අතිකාල දීමනා කඩිනමින් ගෙවන ලෙස උපදෙස් ලබාදෙනවායැයි අමාත්‍යවරයා පැවසී ය.

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා -  සෞඛ්‍ය අමාත්‍යාංශයට බදාදා දිනවල දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවට සිය රාජකාරී කටයුතු සිදුකර දීම සදහා නිලධාරීන් අනිවාර්යයෙන්ම කාර්යාලයේ රැදී සිටිය යුතුයි.  සමහර සෞඛ්‍ය සේවකයින් සිය ප‍්‍රශ්න විසදා ගැනීමට වසර ගණනාවක් අමාත්‍යාංශයට පැමිණ තිබෙනවා. එම ප‍්‍රශ්න වලට කඩිනමින් විසදුම් ලබාදිය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya