අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බරවා තුරන් කෙරෙන සමූහ ප්‍රතිකාර ගාල්ලෙන් ඇරඹේ

    සැප්තැම්බර් 03, 2016

    බරවා රෝගය තුරන් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය, බරවා මර්දන ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරන ගාල්ල දිස්ත්‍රික් විශේෂ බරවා ප්‍රතිකාර වැඩසටහන අද (03) හෙට(04) දෙදින ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11ක් ආවරණය වන ලෙස ක්‍රියාත්මක කෙරේ.


    ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කිරීමේ සහතිකය ලබාගෙන තිබෙන නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ රෝග පැතිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    ගාල දිස්ත්‍රික්කයේ අක්මීමන, අම්බලන්ගොඩ, බෝපේ පෝද්දල, බලපිටිය, ගාල්ල මහනගර සභා ප්‍රදේශය, ගෝනපීනුවල, හබරදූව, ඉමදූව, ඉඳුරුව, සහ රත්ගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල සමූහ ප්‍රතිකාර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව 6,70,000ක් ජනතාව ආවරණය වන ලෙස ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

    වැඩසටහන ක්‍රියාත්මක කරන දිනවල නිවසේ රැදී සිටිමින් සහායෝගය ලබාදෙන ලෙසත් සෞඛ්‍ය නිලධාරීන් විසින් සෘජු ප්‍රතිකාර ක්‍රමයක් ක්‍රියාත්මක  කෙරෙන බවත් මින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දේවිකා මෙන්ඩිස්  මහත්මිය පවසයි.

     

    මෙම වැඩපිළිවෙල සඳහා මාතර, කළුතර සහ කොළඹ දිස්ත‍්‍රික්කවල බරවා මර්දන ඒකකයන්ට අනුයුක්ත කාර්ය මණ්ඩල ද දායක කර ගැනීමට නියමිතය. වෛද්‍ය පීඨ, හෙද විද්‍යාල, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල පුහුණුව ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙම වැඩසටහනට දායක කර ගන්නා අතර, ස්වේච්ඡා සේවක පිරිසක් ද, සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයෝගය සඳහා යොදා ගැනේ.

     

    ශ‍්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය  විසින් පසුගිය ජූලි මස 21 දින ප‍්‍රකාශයට පත් කරන ලදී. ශ‍්‍රී ලංකාවේ ක්ෂද්‍ර පරපෝෂිතතාවය ඉතා අවම අගයක් ගනී. නමුත් ගාල්ල දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 11 ක ක්ෂද්‍ර පරපෝෂිතතාවය ඉහළ අගයක් දක්නට ලැබේ. 2015 වසරේ දී ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් රෝගීන් 46ක් හමු වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya