අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝයා ගොවීන්ගේ ගැටලුවට කඩිනම් විසඳුම්...

    සැප්තැම්බර් 02, 2016
    අනුරාධපුරය හුරුළු වැව ප්‍රදේශයේ සෝයා වගා කළ ගොවීන් කලක් තිස්සේ මුහුණ දී තිබූ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගැනීමේ ගැටලුවට සාර්ථක විසඳුමක් ලබා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවක දී හැකි විය. 
    මුදල් අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් යන මහත්වරු සහ හුරුළු වැව ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝ එක් ව සිටියහ. 
     
    සෝයා සඳහා වැය වන නිෂ්පාදන වියදම සහ අලෙවි කරන මිල අතර පවතින සුළු පරතරය හේතුවෙන් තමන් මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය ගොවීහු මෙහි දී පැහැදිලි කර සිටියහ. 
    එහි දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  සඳහන් කළේ ගොවි ජනතාවගේ මේ ගැටලුව පිළිබඳ සලකා බලා සාර්ථක විසඳුමක් ලබා දිය යුතු බවයි. එසේ ම අස්වැන්න නෙළන සමය හේතුවෙන් කඩිනම් විසඳුමක් සේ ම යළි මෙම ගැටලුව ඇති නොවීම සඳහා දිගු කාලීන විසඳුමක අවශ්‍යතාව ද මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ ය. 
     
    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් රජයේ පෝෂණ වැඩසටහන සඳහා මෙම සෝයා සාධාරණ මිලකට ගොවීන්ගෙන් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කළේ ය. එහි දී ඇති වූ එකඟතාව මත සාධාරණ මිලකට එම සෝයා තොග රජයේ ත්‍රිපෝෂ වැඩසටහන සඳහා ලබා ගැනීමට තීරණය කළේය. 
     
    ශ්‍රී ලංකාවේ වාර්ෂික සෝයා අස්වැන්න මෙට්‍රික් ටොන් 24,000ක් පමණ වේ.
     
    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද එක්ව සිටියේ ය. 
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya