නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේට නව පරිපාලන සංකීර්ණයක්

    සැප්තැම්බර් 01, 2016
    මාතලේ දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය සඳහා  මංගල ශිලාස්ථම්භය ප්‍රතිශ්ඨාපනය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ අනිකුත් මැතිඇමතිවරුන්ගේ  සහභාගිත්වයෙන් මේ මස 05 වන සඳුදා දින පෙ.ව. 9.00 ට යෙදෙන සුභ මොහොතින් මාතලේ දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරේ. 
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් රුපියල් ලක්ෂ 5,500 ක වියදමකින් මෙම සංකීර්ණය ඉදි කෙරේ. 
     
    මාතලේ දිස්ත්‍රික්කය සඳහා විශාල අඩුපාඩුවක්ව පැවතුණු මෙම ගොඩනැගිල්ල, වඩාත් පහසුකම් සහිතව රජයේ සියලු කාර්යාල ඒකාබද්ධව මහජන සේවයට සරිලන පරිපාලන සංකීර්ණයක් බවට පත් කිරීම වත්මන් රජයේ අභිලාශයයි. ඒ තුළින් වඩා කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම මෙම නව මාතලේ දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණය ඉදිකිරිමේ අරමුණයි. 
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya