නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂ බරවා ප්‍රතිකාර වැඩසටහනක්

    සැප්තැම්බර් 01, 2016

    බරවා රෝගය තුරන් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය,බරවා මර්දන ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරන ගාල්ල දිස්ත්‍රික් විශේෂ බරවා ප්‍රතිකාර වැඩසටහන සැප්තැම්බර් 03 සහ 04 දෙදින ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11ක් ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කිරීමේ සහතිකය ලබාගෙන තිබෙන නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ රෝග පැතිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

     

    ඒ අනුව වැඩසටහන ක්‍රියාත්මක කරන දිනවල නිවසේ රැදී සිටිමින් සහායෝගය ලබාදෙන ලෙසත් සෞඛ්‍ය නිලධාරීන් විසින් සෘජු ප්‍රතිකාර ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන බවත් මින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දේවිකා මෙන්ඩිස් මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya