ආහාර සුරක්ෂිතතා සතියේ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සකච්ඡාවට සහභාගීවෙමින් අද (31) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරණය කළේ ය.
දුරගමන් සේවා බස් රථ නවතා තබන ආපනශාලා 978ක් පරීක්ෂක්ෂා කර තිබේ. ඉන් ආපනශාලා 216ක තත්ත්වය ඉතාමත් නරක බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය. එම ආපනශාල සඳහා අඩුපාඩු සකස් කරගැනීමට නිවේදන නිකුත් කර තිබේ.
මෙම සතිය තුළ සිදු කළ පරීක්ෂා කිරීම් මඟින් බේකරි සහ ආපනශාලා 936කට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගෙන ඇත. ලේබල් රෙගුලාසි වලට පටහැනි බීම වර්ග පරීක්ෂා කර එවැනි බීම බෝතල් 23,258ක් වෙළඳපොළින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී අනාවරණය කළේ ය.
ජාතික ආහාර සුරක්ෂිතතා සතිය, සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි පසුගිය අගෝස්තු 22 සිට 29 දක්වා දිවයින ආවරණය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබුණි.