බෝනොවන රෝග පිළිබඳ අවධානම් සාධක සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
බෝනොවන රෝග පිළිබඳ අවධානම් සාධක සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විනි.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - බෝනොවන රෝග පාලනය කළ යුතු වන්නේ, රෝහල්වලට ඇතුළත් කරන රෝගීන්ගෙන් සියයට 70 ක් එවැනි රෝගවලින් මියයාම හේතුවෙනි. බෝවන රෝග අපි පාලනය කර තිබෙනවා. තවත් වසර 03 ක් යනවිට ඩෙංගු රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට සහතිකය ලබාගන්න පුළුවන්.
2013 වසරේ සියයට 39 ක් මත්පැන් පානය කළ ජනතාව 2015 වනවිට සියයට 34%ක් දක්වා අඩු වී තිබෙනවා. ''මතට තිත” වැඩසටහන ක‍්‍රීයාත්මක කාලයේ මත්පැන් භාවිතය වැඩිවී තිබෙනවා. එමගින් පෙනෙනවා එම වැඩසටහන කොහොම ද ක‍්‍රීයාත්මක කළේ කියලා.අපේ රටේ කලක් භාෂාව මාකට් කරලා රට විනාශ වුනා.දුම්කොළ භාවිතය අඩු කළ යුතුයි. දුම්කොළ සමාගම්වලින් විවිධ බලපෑම් තිබෙනවා. ඔවුන් මා හමුවීමට අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. හමුවීම අනවශ්‍යයයි කියා මම ඔවුන්ට දැනුම් දුන්නා. දුම්කොල භාවිතා කිරිම නිසා වසරකට 30,000 ක් මියයන අතර දියවැඩියාව හේතුවෙන් 20,000 ක් පමණ මිය යනවා.
ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවට අනුව වයස අවුරුදු 18-69 ත් අතර වයස් කාණ්ඩයේ පළතුරු සහ එළවළු භාවිතය සියයට 72% ක් පමණයි. මෙහිදී හොද නැවුම් එළවළු ද පළතුරු ද අනුභව කරන්නේ කියා ගැටළුවක් තිබෙනවා.රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ඊට එරෙහි වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි. බර වැඩිවීමත් එහෙමයි.
එංගලන්තයේ අවුරුදු 06-10 දක්වා වයස් කාණ්ඩයේ පිරිමින් සියයට 35 ක් වන අතර සියයට 20 ක් කාන්තාවන් බර වැඩි පිරිස අතර සිටිනවා. එම පිරිස ගොදුරුවන රෝගවලට පිළියම් කිරීම සදහා ස්ටර්ලිං පවුම් බිලියන 06 ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. එම මුදල අවම කර ගැනීම සඳහා එංගලන්ත රජය විවිධ
නීති රීති ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධිරුධිර පීඩනයෙන් පීඩා විදින්නන් සියයට 57% ක් ප‍්‍රතිකාර ලබාගන්නා අතර දියවැඩියා රෝගීන් සියයට 69% ක් නිසි ප‍්‍රතිකාර ලබා ගන්නවා.
සීනි, තෙල් සහ ලුණු සදහා බදු පැනවිය යුතු බව මගේ මතයයි.ලෝක සෞඛ්‍ය සංවිධානයත් එම මතයේම සිටිනවා.බි‍්‍රතාන්‍යයේ මහජන සංවිධාන 60 ක් පමණ සීනිවලට බදු පැනවිය යුතු බවට එරට රජයට බලපෑම් කළා. මොකද කෝලා බීම බෝතල්වල මිලිලීටර 33 ක සීනි හැදි 09 ක් ඇති බව සොයා ගැනීම හේතුවෙන්.හැබැයි වෙළඳ දැන්වීම් වලින් පෙන්වන
දෙය බෝතලය තුළ නැහැ. දරුවෙකු දිනකට පරිභෝජනය කළ යුතු සීනි ප‍්‍රමාණයට වඩා වැඩි සීනි ප‍්‍රමාණයක් ශරීර ගත වෙනවා. ලුණු පරිභෝජනයත් අඩු කළ යුතුයි. ජනතාවගේ සෞඛ්‍ය දෙස බලා තීන්දු තීරණ ගත යුතුයි. ව්‍යාපාර ගැන පමණක් හිතුවොත් ජනතාව රෝ්ගී තත්ත්වයට පත්වෙනවා. ව්‍යායාම නොකිරීමත් ගැටළුවක්. ව්‍යායාම මධ්‍යස්ථාන දිවයින පුරා තිබෙනවා. එම මධ්‍යස්ථානවලින් නිසි ප‍්‍රයෝජනයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසී ය.
මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත බෝනොවන රෝග පිළිබඳ අවධානම් සාධක සමීක්ෂණ වාර්තාව පිළිගන්වන ලදී .