නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම බහු කාර්ය ධීවර වරායන් ඉදිකිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යනයක්

    අගෝස්තු 30, 2016

    කොරීයානු ධීවර අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් ප්‍රමුඛ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ .ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආරාධනයෙනි.

    මෙරට ප්‍රථම බහු කාර්ය ධීවර වරාය සංකීර්ණ ඉදිකිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට ඔවුන් නියමිත අතර එම ශක්‍යතා අධ්‍යනය නොමිලයේ සිදු කරදීමට ද කොරියාව කැමැත්ත පළ කර තිබේ . ශ්‍රී ලංකාවට පැමිණි කොරීයානු නියෝජිත කණ්ඩායම අද දහවල් ධීවර අමාත්‍යංශයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවීමට නියමිතය .

    මෙම කොරීයානු ඉහළ පෙළේ නියෝජිතයින් බහු කාර්ය ධීවර වරායන් ඉදිකිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ දෙරට අතර ධීවර කටයුතු පිළිබඳ සහයෝගිතාව වර්ධනය පිළිබදව එහිදී වැඩි අවධානය යොමු කරනු ඇත .

    මෙම කොරියානු නියෝජිත කණ්ඩායම හෙට ඒ ප්‍රථම බහු කාර්ය ධීවර වරාය ඉදිකිරීමට නියමිත .හලාවත - උඩප්පුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. මෙවැනි බහු කාර්ය ධීවර වරායන් 04 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya