නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ නිෂ්පාදනයේ ප්‍රධාන කොටස්කරුවන් කුඩා තේ වතු හිමියන්

    අගෝස්තු 30, 2016

    සමාගම් හිමියන් විසින් පාලනය කරන අලංකාර තේ වතු මොන තරම් මේ රටේ තිබුණත් අපේ රටේ සමස්ත තේ නිෂ්පාදනයේ  ප්‍රධාන කොටස්කරුවෝ බවට පත්ව ඇත්තේ කුඩා තේ වතු හිමියන් වීම සතුටක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    අක්කර 50 ට අඩු කුඩා තේ වතු හිමියන් පාර්ලිමේන්තු පනතට අනුව කුඩා වතු හිමියන් හැටියට ගණන් ගැනන අතර එයිනුත් සීයයට අනූවක් ම හෙක්ටර්යාර් 01ට අඩු තේ වතු හිමියන් බවත් අක්කර කාලක්, භාගයක්, එකක්, එකහමාරක්, දෙකක් වගේ තේ  ඉඩම් තිබෙන උදවිය අතට තේ කර්මාන්තය  පත් වීම පිළිබඳ සතුටු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඇල්පිටිය ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර කුඩා තේවතු හිමියන් 300 දෙනෙකුට පමණ ඇමතිවරයා අතින් ආධාර චෙක්පත් ලබා දීම සිදු කෙරුනු අතර ඒ යටතේ කැටැන්දොළ, පූජගල්ලෙන, පන්විල හේන, ගලාඬුකන්ද සහ පුබුදුගම ඇතුලු ගම්මාන රැසක කුඩා තේවතු හිමියන් වෙත ආධාර ලබාදීම සිදු විය.

    සිලෝන් ටී නිස ලෝකය ශ්‍රී ලංකාව ගැන කතා කරන බවත් ඒ කීර්ති නාමය අප රැකගෙන ආව අතර  අදටත් අපේ තේ වලට ලෝකයේ  හොඳ ඉල්ලුමත් කිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අද වන විට දිස්ත්‍රික් ගණනාවක මේ ව්‍යාපාරය ව්‍යාප්ත වෙලා තිබෙන අතර ලංකාව පුරා තේ කර්මාන්ත ශාලා හයසිය ගණනක් පැතිර පවතින බවත් මෙම කර්මාන්තයෙන් ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් යැපෙන බව අතර ඉන් කුඩා තේ වතු හිමියන් ලක්ෂ 04 ක් පමණ සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    තේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න තේ කර්මාන්ත ශාලා වගේම තේ වතු හිමියන් යන දෙපාර්ශවයට එකට ගමන් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා තේ කර්මාන්තය ආරක්ෂා කරගෙන එය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළකට ගමන් කළ යුත්තු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya