අද (30) දහවල් 12.11 තාන්ඩිකුලම්, පිරමනලම්කුලම් සහ කුච්චවේලි යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවති.
එමෙන් ම දිවයිනේ දකුණු දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශවල තද සුළං (පැ.කි.මී. 60-70 පමණ) සහ, දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං (පැ.කි.මී. 50-60 පමණ) තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව පවසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන බව නිවේදනය කරයි.