නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු මර්දනය වැඩසටහන යටතේ පාසල් 962ක් පරීක්ෂාවට

    අගෝස්තු 30, 2016

    තෙදින ඩෙංගු මදුරු මර්දර්න වැඩසටහන යටතේ පරීක්ෂාවට ලක් කළ පාසල් 962 න්, පාසල් 116 ක මදුරු කීටයින් හමු වී තිබෙන අතර පාසල් 160 කට නොතීසි නිකුත් කර පාසල් 12 කට නඩු පැවරීමට පියවර ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


    දිනෙන් දින වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා නව පාසල් වාරය ආරම්භ කිරීමට ප‍්‍රථම පසුගිය 26 වැනි දා සිට 29 වැනි දා දක්වා තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කිරීමට අමාත්‍යාංශය පියවර ගත්තේය.

     

    මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසහනට අදාළව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ සමස්ත වාර්තාවට අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රීක්කවල පරිශ‍්‍ර 62,525 ක් පරීක්ෂා කරන ලද අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 607 ක්, හඳුනා ගැණිනි.

    මෙහිදී මදුරු කීටයින් බෝවිය හැකි පරිශ‍්‍ර 6,497 ක් නිවැරදි කිරිමට පියවර ගත් අතර, 2,228 කට නොතීසි සහ 282 කට නඩු පැවැරිමට කටයුතු කර තිබේ.

     

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ ක‍්‍රියාත්මක වූ මෙම මදුරු මර්දන වැඩසටහනේ දී බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රිකයන් හී සියලුම පාසල් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩටහනක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සංවිධානය කර තිබුණි. එහිදී දැඩි ලෙස පාසල් පරීක්ෂාවට ලක් කෙරිනි.

     


    මෙම තෙදින මදුරු මර්දන වැඩසටහන සදහා ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසිය, සෞඛ්‍ය අංශ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 540 ක් යොදවා තිබුන අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 38 ක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරිනි.

     

    ඊසාන දිග මෝසම් සුළං සහිත වර්ෂාව සැප්තැම්බර් මස සිට ආරම්භ වන බැවින්, එම කාලය තුල දී උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවලින් ඩෙංගු මදුරු කීටයින් හමුවිය හැක. එම නිසා එම ප‍්‍රදේශවල ඩෙංගු මදුරුකීටයින් විනාශ කිරිම සදහා ද මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya