ඒ අනුව පළමු අදියර අද (29) සිට සැප්තැම්බර් 11 වැනි දා දක්වා පැවැත්වේ.
මෙම පළමු අදියර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 31කදී සිදු කෙරෙන අතර ගුරුවරුන් 6,876 දෙනෙකු ඒ සඳහා සහභාගි වන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. එසේම එම කාලය තුළ සම්පූර්ණයෙන් පාසල් 06ක් වසා තැබෙන අතර පාසල පවත්වනු ලබන අතරතුර පාසල් 21ක් කොටසක් පමණක් වසා තැබීම සිදු වේ.
එසේම දෙවැනි අදියර සැප්තැම්බර් 05 වැනි දා සිට සැප්තැම්බර් 18 වැනි දා දක්වා පැවැත්වේ.
තෙවැනි අදියර විභාග ඇගයීම් කටයුතු සැප්තැම්බර් 19 වැනි දා සිට ඔක්තෝම්බර් 09 වැනි දා දක්වා සිදු කෙරේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මධ්‍යස්ථාන 40කදී අගෝස්තු 29 වැනි දා සිට සැප්තැම්බර් 03 වැනි දා දක්වා පැවත්වේ.
ඒ සඳහා ඇගයීම් මණ්ඩල 380ක් යටතේ ගුරුවරුන් 5700ක් සහභාගි වෙති. එම කාලය තුළ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් පාසල් 35ක් වසා තබන අතර පාසල් පවත්වන අතරතුර කොටසක් පමණක් ඇගයීම් සඳහා යොදා ගනු ලබන ලබන පාසල් සංඛ්‍යාව 04කි.