නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට ඇමැති උපදෙස්

    අගෝස්තු 29, 2016

    ආහාර සුරක්ෂිතතා සතියේ ඊයේ (28) දින විට වෙළෙද සැල් 17,469 ක් පරීක්ෂාවට, වර්ණ සංකේත නොමැති බීම බෝතල් 22,771 ක් අත් අඩංගුවටගෙන් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීම් 12,428 ක් සිදු කර තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    එහිදී 894 කට නඩු පැවරීමට ද පියවර ගෙන තිබෙන අතර මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට උපදෙස් ලබා දී ඇත.

     

    ඊයේ  දින පමණක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 1,800 දිවයින පුරා ක‍්‍රියාත්මක කළ වැඩසටහන්වලට අනුව වැටලීම් 47 ක් සිදුකර ඇති අතර, වෙළෙදසැල් 577 ක් පරීක්ෂාවට ලක් කර ඇත. මෙම වැටලීම් වලට අනුව වර්ණ සංකේත නොමැති වූ බීම වර්ග බෝතල් 856 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, දුර ගමන් සේවා බස්රථ නවත්වන ආපන ශාලා සඳහා නිවේදන 13 ක් නිකුත් කර ඇත. ආහාර විනාශ කිරීම් 697 ක් ද, නඩු පැවැරීම් 32 ක් සිදු කර ඇත.

     

    පසුගිය සතිය තුළ සිදු කළ සමස්ත වැටලීම් සංඛ්‍යාව 1003 ක් වන අතර,  දුර ගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා සඳහා නිවේදන 205 ක් නිකුත් කර ඇත.

     

    ඒ අනුව දිවයින පුරා තවදුරටත් වැටලීම් සිදු කරන අතර ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යොදවන බවත්,  ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සහයෝගය ද මෙම වැඩසටහනට ලැබී ඇති බවත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya