අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙදිනක් තුළ පරිශ්‍ර 5,962ක් නිවැරදි කරයි

    අගෝස්තු 29, 2016

    තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ පළමු දින දෙක තුළ මදුරු කීටයින් බෝවිය හැකි පරිශ‍්‍ර 5,962 ක් නිවැරදි කර, 2217 කට නොතීසි සහ 258 කට නඩු පවරා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    දිනෙන් දින වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා නව පාසල් වාරය ආරම්භ කිරීමට ප‍්‍රථම තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කිරිමට පියවර ගෙන තිබේ.

     

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පසුගිය 26 වැනි දින ආරම්භ වු මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන අදින් (29) අවසන් වේ.

     

    ඒ අනුව පසුගිය දින දෙක තුළ බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රීක්කවල පරිශ‍්‍ර 60,379 ක් පරීක්ෂා කරන ලද අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 503 ක්, හඳුනා ගැනිණ. මෙහිදී මදුරු කීටයින් බෝවිය හැකි පරිශ‍්‍ර 5,962 ක් නිවැරදි කිරීමට පියවර ගත් අතර, 2,217 කට නොතීසි සහ 258 කට නඩු පැවැරිමට කටයුතු කර තිබේ.

     

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ ක‍්‍රියාත්මක මෙම මදුරු මර්දන වැඩසටහනේ දී බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රිකයන් හී සියලුම පාසල් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩටහනක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සංවිධානය කර ඇත. එහිදී දැඩි ලෙස පාසල් පරීක්ෂාවට ලක් කෙරේ. මාසයක පමණ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් ඩෙංගු මදුරු කීටයින් බෝවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එබැවින් මෙම මදුරු මර්දන වැඩසටහන ක‍්‍රියාත්මක කරන තෙදින තුළ පාසල්වල විදුහල්පති හෝ ගුරුවරයෙකු පාසල තුළ රැඳී සිටිය යුතු වේ. මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය ද දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    මෙම තෙදින මදුරු මර්දන වැඩසටහන සඳහා ත‍්‍රීවිධ හමුදා සාමාජිකයින්, පොලීසිය, සෞඛ්‍ය අංශ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 540 ක් යොදවා ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 38 ක මෙම වැඩසටහන ක‍්‍රියාත්මකය.
     
    ඊසාන දිග මෝසම් සුළං සහිත වර්ෂාව සැප්තැම්බර් මස සිට ආරම්භ වන බැවින්, එම කාලය තුළ දී උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවලින් ඩෙංගු මදුරු කීටයින් හමුවිය හැක. එම නිසා එම ප‍්‍රදේශවල ඩෙංගු මදුරුකීටයින් විනාශ කිරීම සඳහා ද මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    2016 වසරේ මේ වනවිට හමු වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 37,500 කි. සිදු වූ මරණ සංඛ්‍යාව 52 කි. 2015 වසරේ හමු වූ සම්පුර්ණ රෝගීන් සංඛ්‍යාව 29,000ක් බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya