මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසියට නිවාස සංකීර්ණයක්

    අගෝස්තු 28, 2016

    පොලිස් විශේෂ කාර්ය බලකායේ විවාහක නිලධාරින් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

    කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල නීතිය හා සාමය පවත්වාගෙන යාම, විවිධ අවස්ථාවල හටගැනෙන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සහ ආපදා අවස්ථාවලදී අවශ්‍ය කඩිනම් සහන සැලසීම ආදී ආරක්ෂක ක්‍රියාකාරකම්හි නිරත වන විවාහක නිලධාරින් සඳහා නිවාස පහසුකම් සලසා දීම සඳහා කඩිනමි මෙම නිවාස සංකීරණය ඉදිකිරීම සිදු වේ.

     ඒ අනුව එකී නිලධාරින්ට නිවාස පහසුකම් සලසා දීම සඳහා විශේෂ කාර්ය බලකායේ කලපළුවාව කඳවුරේ පවතින ඉඩකඩ පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් රුපියල් මිලියන 388ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට තීරණය කර තිබෙන අතර ‍ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya