අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට කුරක්කන් බීජ අවශ්‍යතාවයෙන් 75 % ක් මාතලෙන්

    අගෝස්තු 27, 2016
    මෙරට කුරක්කන් බිජ අවශ්‍යතාවයෙන් 75% ක ප්‍රමාණයක් ලබා දෙන සාර්ථක කුරක්කන් වගාවක් මාතලේ මකුලේතැන්න ගොවි ව්‍යාපාරය ආරම්භ කර ඇත. 
    ජාතික ආහාර නිෂ්පාදන තුන් අවුරුදු වැඩසටහන යටතේ දේශිය වගාවන් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් යුතුව මෙම කුරක්කන් බිජ නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුරක්කන් බීජ නිෂ්පාදන වගාවක් ආරම්භ කළේ ඒ වනවිටත් පැවැති ගුණාත්මක බීජ හිගය වලක්වා ගැනීමටය . 
     
    පාරම්පරික හේන් ගොවියාගේ හේන් භෝග අතර කුරක්කන් නොදෙවෙනි භෝගයක් වේ. හෙළයේ මුතුන්මිත්තන්ගේ ප්‍රමුඛ ආහාරය වූයේද කුරක්කන්ය . කුරක්කන් හැලප , තලප මෙන්ම කුරක්කන් රොටී එදා මෙන්ම අදත් එකසේ ජනප්‍රිය හෙල බොජුන්ය . කුරක්කන් කැද මධුමේහය වැනි රෝගවලට ගුණදායක බව වෙද පොත්වල සදහන් වෙයි . 
     
    මෙරට ජනජීවිතය හා එතරම්ම සමීපවූ ආහාරයක් වුවද කුරක්කන් පරිභෝජන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි කුරක්කන් ආනයනය කිරීමට පවා සිදුව ඇත . පාරම්පරික ගොවියා හේනෙන් උපයා සපයා ගත් බීජ පමණක්ම වගාවට යොදා ගැනීම නිෂ්පාදන ඉලක්කයන් පහත වැටීමට බලපා ඇති බව නොරහසකි . 
     
    උඩවේරගම කුරක්කන් වගාව  නව වගා රටාවකට අනුව ක්‍රියාත්මක කෙරෙන අතර ගොවි ව්‍යාපාරයේ ජල හිගයට පිළියමක්වූ මෙම වගා ක්‍රමය පුරන් කුඹුරු ඵලදායක වගාවකට යොදා ගැනීමට හැකි පහසු මාර්ගයක්ද විය . අවම කෘෂි ජල පරිහරණයකින් උපරිම බිම් ප්‍රමාණයක් වගාකර වැඩි අස්වැන්නක් හා ආදායමක් උපයා ගැනීමට හැකි මෙම වගා ක්‍රමය  තුළින් අපේක්ෂිතය.
     
    මේ වනවිට අක්කර 12 ක කුරක්කන්  අස්වැන්න නෙලන අතර පුරන් කුඹුරුවල පේලියට පැල සිටුවීම මෙම කුරක්කන් වගාවේ විශේෂත්වයක් . මේ කන්නයේදි 75%  ක බීජ අවශ්‍යතාව සපුරාදීමට මෙම වගාව තුළින් හැකිවනු ඇත.
     
    මෙම වැඩපිළිවෙල මකුලේතැන්න ගොවි ව්‍යාපරයේ ගොවින් දිරිමත් කිරිම පිණිස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා වගාවන් නිරික්ෂණය කිරිම සදහා එහි ගිය අතර ‍මෙරට කුරක්කන් බිජ අවශ්‍යතාවයෙන් 75% ක ප්‍රමාණයක් මෙම ප්‍රදේශයෙන් ලබා ගත හැකි බවත් ඒ සදහා ගොවින්ගේ උනන්දුව හා නිලධාරින්ගේ කැපවිම මහත් සේ අගය කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. 
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya