අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ධීවර වරාය බලධාරීන්ට උපදෙස්

    අගෝස්තු 27, 2016
      
    ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කර්මාන්තය සදහා මුහුදු යන ධීවර ජනතාව වසර ගණනාවක සිට තම යාත්‍රා අළුත් වැඩියා කරගැනීමට නොහැකිව මුහුණපා සිටි ගැටළුවට කඩිනම් විසදුම් ලබා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පියවර ගෙන ඇත .
    දිලිප් වෙදආරච්චි මහතා ත්‍රිකුණාමලය ධීවර වරායේ සිදුකල නිරීක්ෂණ චාරිකාවේදී ත්‍රිකුණාමලය ධීවර වරායේ අක්‍රියව පවතින වින්ච් එක හෙවත් ධීවර යාත්‍රා ගොඩබිමට ගැනීමේ යන්ත්‍රය වහා අළුත් වැඩියා කිරීමට පියවර ගන්නා ලෙස        
    ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරීවරයාට සහ ඉංජිනේරුවරයාට උපදෙස් දෙනු ලැබීය .
     
    ඒ අනුව ඉදිරි සතියේදී අදාළ අළුත් වැඩියා කටයුතු ආරම්භ කරන බව ධීවර වරාය බලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වු අතර සියළු අළුත් වැඩියා කටයුතු අවසන් කර මසක් තුළ ධීවර ජනතාවගේ කටයුතු වෙනුවෙන් යෙදවිය යුතු බවද දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දී ඇත .
     
    2012 වසරේදී මෙම වින්ච් එක හෙවත් යාත්‍රා මුහුදට යොමු කිරීමේ හා දියබේ සිට යාත්‍රා ගොඩබිමට ගැනීමේ යන්ත්‍රය ස්ථාපිත කර ඇත්තේ රුපියල් ලක්ෂ 150 පමණ මුදලක් වැයකර බවද මෙහිදී අනාවරණය විය . එතරම් මුදලක් වැය කර ස්ථාපිත කල මෙම වින්ච් යන්ත්‍රය වසර දෙකක් යන්නටත් පෙර අක්‍රිය වූ බවට ධීවර ජනතාව චෝදනා කළහ .
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya