අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීම් 10,824ක්

    අගෝස්තු 26, 2016

    ආහාර සුරක්ෂිතතා සතියේ ඊයේ (25) දින තෙක් සිදුකළ වැටලීම් වලින් සොයාගත් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීම් 10,824 ක් විනාශ කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    එහිදී වෙළෙද සැල් 536 කට නඩු පවරා තිබෙන අතර වර්ණ සංකේත නොමැති පාන වර්ග අත්අඩංගුවට ගත් අවස්ථා 14722 ක් වාර්තා වී තිබේ.‍

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක ජාතික ආහාර සුරක්ෂිතතා සතියේ දිවයින පුරා වෙළෙදසැල්, හෝටල්, දුරගමන් සේවා බස්රථ නැවතුම් ආපන ශාලා රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ.

    ඒ අනුව ඊයේ දිනය වනවිට සංවිධානය කළ මුළු වැටලීම් (පරීක්ෂා කිරීම්) සංඛ්‍යාව 597 කි. පරීක්ෂා කළ ආයතන 12275 කි. එමෙන්ම නිවේදන නිකුත් කළ දුර ගමන් සේවා බස් රථ නවත්වන වෙළෙද සැල් සංඛ්‍යාව 155 කි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද බීම වර්ගවල වර්ණ සංකේත නොමැති  බීම වර්ග ඊයේ (25) දින අත්අඩංගුවට ගත් අවස්ථා 3597 ක් වාර්තා වන අතර, එම වර්ණ සංකේත නොමැති පාන වර්ග යළි අදාළ සමාගම් වෙත යොමු කර වර්ණ සංකේත යෙදු පාන වර්ග පමණක් අලෙවි කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙළෙදසැල් හිමියටන්ට උපදෙස් ලබා දී ඇත.

    දුරගමන් සේවා බස් රථ නවත්වන වෙළෙදසැල් 14 කට නිවේදන නිකුත් කිරීමට පියවර ගත් අතර, ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම් වලින් සොයාගත් පරිභෝජනයට නුසුදුසු ආහාර 221 ක් විනාශ කිරීමට පියවර ගන්නා ලදි. වෙළෙඳ සැල් 52 කට නඩු පැවැරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

    පසුගිය 22 ආරම්භ කළ මෙම ආහාර සුරක්ෂිතතා සතිය ලබන 29 දින දක්වා ක‍්‍රියාත්මක වේ. දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1800 ක් මෙම වැටලීම් වල නිරත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. අද (26) දිනයේදී වෙළෙද සැල්, ආපන ශලා සහ රෙස්ටුරන්ට්, හෝටල්, බස්රථ නැවතුම් ස්ථානවල පිහිටි ආපන ශාලා පරික්ෂා කිරීම් සිදු කෙරෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya