මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දියකාවා යුද අභ්‍යාසය 2016" සැප්තැම්බර් 03දා ඇරඹේ

    අගෝස්තු 26, 2016
    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා යුද අභ්‍යාසය අදියර VII – 2016' එළඹෙන සැප්තැම්බර් මස 03දා නැගෙනහිර පළාතේ කෝකිලායි ප්‍රදේශයේ දී ආරම්භ වීමට නියමිතය. තුන්දහස් පන්සියයකට ආසන්න ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් සහ විදේශීය හමුදා සාමාජිකයින් 49 දෙනෙක් සහභාවීමට නියමිත මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය දිවයිනේ ප්‍රදේශ කිහිපයක් මුලික කරගනිමින් ක්‍රියාත්මක වී සැප්තැම්බර් 25දා අවසන් වීමට නියමිතය.
     
    උපකල්පිත තත්වයන් මත පදනම්ව සහ පුහුණු අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වසරේ ‘දියකාවා යුද අභ්‍යාසයෙහි’ අභ්‍යාස මුර සංචාරයන්, වනගත ක්‍රියාකාරකම්, පිරික්සුම් සහ නිරික්ෂණ, වැටලීම්, සැඟව සිට පහරදීම, මුදවා ගැනීම්, අවහිර කිරිම්, සැඟවි වෙඩි තැබීම්, නාගරික සටන් සහ අපදා සහන ක්‍රියාකාරකම් ආදි විවිධ සටන් ක්‍රම මෙන්ම ක්‍රමෝපායන් ද පුහුණුව හරහා දියත් කිරිමට නියමිතය.
     
    මෙවර 2016 දියකාවා VIIවැනි අදියර සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන් විශාල පිරිසක් සහිතව පාබල සෙබළුන් 2500ක් ,නාවික හමුදාව නියෝජනය කරමින් 638ක් සහ සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් 506 දෙනෙක් සහභාගිවීමට නියමිතවේ. එයට අමතරව බංගලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ එක්සත් රාජධානය යන රටවල් නියෝජනය කරමින් 49 දෙනෙකු අභ්‍යාසයට සහභාගිවීමට මෙන්ම නිරීක්‍ෂණ මට්ටමින් සභාගිවීමට නියමිතය.
     
    මෙම අභ්‍යාසය සඳහා අභ්‍යාස අධ්‍යක්‍ෂ ලෙස (Exercise Director) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ක්‍රියා කරන අතර නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන් ලෙස බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා, බ්‍රිග්‍රේඩියර් ප්‍රදීප් සිල්වා සහ බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා කටයුතු කරනු ලැබේ. මෙහි අතිරේක නියෝජ්‍ය අධ්‍යක්‍ෂලෙස කර්නල් නිශාන්ත හේරත් කටයුතු කරයි. ඒකාබද්ධ මෙහෙයුමේ නාවික අණදෙන නිලධාරි ලෙස නාවික කපිතාන් එච්.ආර්.එෆ්.එම්. තිසේරා කටයුතු කරන අතර ගුවන් හමුදා භට පිරිස් සඳහා අණදීම ගුවන් කොමදෝරු පී.ඩි.කේ.ටී. ජයසිංහ මහතා කටයුතු කරයි.
     
    ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු අණසක (Sri Lanka Army Training Command - ARTRAC) ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ මෙම “දියකාවා 2016” ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ පුර්ණ අධීක්‍ෂණ කටයුතු සිදුකරයි.
     
    යුද අභ්‍යාසයේ අවසන් ප්‍රදර්ශනාත්මක පහර දීම (Final Attack) සැප්තැම්බර් 24දා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුල්මුඩේ ප්‍රදේශයට දකුණින් පිහිටි යාන්ඔය, අරිසිමලේ පැවැත්වෙන අතර, පසුදින (සැප්. 25) පවත්වන සමාප්ති උත්සවයෙන් (Closing Ceramony) අවසන්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya