අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් හෙට සිට

    අගෝස්තු 25, 2016

    නව පාසල් වාරය ආරම්භයට ප‍්‍රථම හෙට (26) අනිද්දා (27)  සහ 29 යන තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක්  දියත් කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.



    දිනෙන් දින වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා නව පාසල් වාරය ආරම්භ කිරීමට ප‍්‍රථම මෙම තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

    මෙම මදුරු මර්දන වැඩසටහනේ දී බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රිකයන් හී සියලුම පාසල් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩටහනක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සංවිධානය කර ඇත.

    එහිදී දැඩි ලෙස පාසල් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය. මාසයක පමණ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් ඩෙංගු මදුරු කීටයින් බෝවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එබැවින් මෙම මදුරු මර්දන වැඩසටහන ක‍්‍රියාත්මක කරන තෙදින තුල පාසල්වල විදුහල්පති හෝ ගුරුවරයෙකු පාසල තුල රැදී සිටිය යුතු වේ. මේ පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශය ද දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    මෙම මදුරු මර්දන වැඩසටහන සඳහා ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසිය, සෞඛ්‍ය අංශ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 540 ක් යොදවා ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 38 ක මෙම වැඩසටහන ක‍්‍රියාත්මකය.

    ඊසාන දිග මෝසම් සුලං සහිත වර්ෂාව සැප්තැම්බර් මස සිට ආරම්භ වන බැවින්, එම කාලය තුල දී උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවලින් ඩෙංගු මදුරු කීටයින් හමුවිය හැක. එම නිසා එම ප‍්‍රදේශවල ඩෙංගු මදුරුකීටයින් විනාශ කිරිම සදහා ද මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    2016 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 35,000 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 52 ක් බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya