අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුවට නව වී ගබඩාවක්

    අගෝස්තු 24, 2016
    පොළොන්නරුව  පංසල්ගොඩැල්ල  ඉදිකෙරුණු නව වී ගබඩාව විවෘත කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සහභාගීත්වයෙන් මේ මස  25 වන දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.  
     
    වී අස්වනු මිලදී ගැනීමේදී පසුගිය කාල වල යම් යම් ගැටළුකාරී තත්ත්වයන් පැන නැගුණු අතර එයට මුලිකම හේතුව වී තිබුණේ ප්‍රමාණවත් තරම් වී ගබඩා දිවයින පුරා නොතිබීමයි.
     
    එයට පිළියමක් ලෙස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ මගපෙන්වීම හා උපදෙස් යටතේ අවශ්‍යතාවය අනුව නව වී ගබඩා දිවයින පුරා ඉදි කිරීමට සැලසුම් සකස් කෙරිණි.
     
    ඒ අනුව එහි ප්‍රථම ගබඩාව ලෙස පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පංසල්ගොඩැල්ල ප්‍රදේශයේදී මිලියන 30 ක වියදමින් ඉදිකළ මෙම වී ගබඩාවෙහි මෙට්‍රක්ටොන් 1500 ක් ගබඩා කිරීමට හැකියාව ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya